ඖෂධ නිෂ්පාදන සංස්ථාව කරගෙන ගිය හොර මගඩියක් මාට්ටු.

Sri Lanka Government
By Wayomi Oct 23, 2022 06:32 AM GMT
Wayomi

Wayomi

Report

ඖෂධ පර්යේෂණ කටයුතු සඳහා මිලදීගෙන තිබූ ඖෂධ අමුද්‍රව්‍ය කිලෝ 213කින් කිලෝ 175ක් නියමිත ප්‍රමිතියෙන් තොර පාවිච්චියට නුසුදුසු ඒවා බවට තහවුරුවී තිබෙනවා.

ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව 2020 වර්ෂයේදී මෙම මිලදී ගැනීම සිදු කර තිබුණා.

විගණන විමර්ශනවලදී තොරතුරු අනාවරණය වී ඇත්තේ, එම ඖෂධ අමුද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා සංස්ථාව රුපියල් ලක්ෂ විස්සකට වැඩි මුදලක් වැයකර තිබූ බවයි.

එමෙන්ම ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව විවිධ හේතු මත ඖෂධ නිෂ්පාදනය එම වර්ෂයේදී අතරමඟ නවතාලීම නිසා රුපියල් ලක්ෂ විසි හයකට ආසන්න පාඩුවක් සිදුවී ඇති බවත් විගණන අංශ පවසනවා.

නිෂ්පාදනය මෙසේ අතරමඟ නවතා ඇත්තේ ඖෂධ පෙතිවල විචලතා, අයහපත් පෙනුම හා පෙති කැඩීයාම වැනි හේතු නිසයි.

කෙසේ වෙත්ත විගණන වාර්තාව පේනවා දෙන්නේ, සෑම වර්ෂයකම නිෂ්පාදන ක්‍රියාවලියේදී සිදුවන මෙම අයහපත් තත්වය අවම කර ගැනීමට කටයුතු කර නොතිබූ බවයි.

මේ අතර වෛද්‍ය සැපයුම් අංශය විසින් 2020 වර්ෂයේදී ඇණවුම් කෙරුණු රුපියල් කෝටි සීයක් පමණ වටිනා ඖෂධ වර්ග 26කින් ඒකක මිලියන 570.78ක ප්‍රමාණයක් සැපයීමට සංස්ථාව අපොහොසත්වී තිබූ බව ජාතික විගණන කාර්යාලය සඳහන් කරනවා.  



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW