නීතිපතිගේ සේවා දිගුව දෙවන වරටත් ප්‍රතික්ෂේප වේ...

Sri Lanka Attorney General of Sri Lanka Presidential Update
By Parami Dissanayake Jun 26, 2024 05:40 PM GMT
Parami Dissanayake

Parami Dissanayake

Report

නීතිපති ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් මහතාට මාස හයක සේවා දිගුවක් ලබාදීම සඳහා ජනාධිපතිවරයා දෙවැනි වරටත් ඉදිරිපත් කළ නිර්දේශයද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (26) නැවත වතාවක් ප්‍රතික්ෂේප කළේය.

මේ අනුව නීතිපතිවරයාගේ සේවා කාලය ඊයෙන් අවසන් වනු ඇත.

කිලෝ 191ක මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවන් දික්ඕවට ධීවර වරායට...

කිලෝ 191ක මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවන් දික්ඕවට ධීවර වරායට...

නීතිපතිවරයාගේ සේවා කාලය මාස හයකින් දීර්ඝ කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කෙරුණු නිර්දේශය සලකා බැලීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස් විය.

ඒ, කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් කෝට්ටේ පිහිටි ඔහුගේ නිල නිවසේ දී ය.

අරලියගහ මන්දිරයට ඩ්‍රෝන යැවූ ඉන්දියානුවන් අත්අඩංගුවට...

අරලියගහ මන්දිරයට ඩ්‍රෝන යැවූ ඉන්දියානුවන් අත්අඩංගුවට...

මේ අනුව ඒ පිළිබඳව දීර්ඝ සාකච්ඡාවකින් අනතුරුව නිර්දේශය සම්බන්ධයෙන් ඡන්ද විමසීමක් පවත්වා ඇත.

එම ඡන්ද විමසීමේ දී නිර්දේශයට විරුද්ධව ඡන්ද පහක් ලැබී ඇති අතර ඊට පක්ෂව ඡන්ද තුනක් පමණක් ලැබී ඇත.

නීතිපති ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් මහතාට මාස හයක සේවා දිගුවක් ලබාදීම සඳහා පළමු වරට ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට කළ නිර්දේශයද එම සභාව ඉකුත් 18 වැනිදා ප්‍රතික්ෂේප කළේය. එදින ඡන්ද විමසීමේදී ද නිර්දේශයට විරුද්ධව ඡන්ද පහක් සහ පක්ෂව ඡන්ද තුනක් වශයෙන් ලැබීමෙන් යෝජනාව ප්‍රතික්ෂේප විය.