නාවික හමුදාවට ප්‍රහාරයක්... වැඩ පෙන්නන්න ගිහින් වැඩ වරද්දගෙන

Report

ත්‍රිකුණාමලය කුච්චවේලි මුහුදු ප්‍රදේශයේදී නීතිවිරෝධී ක්‍රම භාවිත කරමින් මසුන් අල්ලමින් සිටි ධීවරයන් සමඟ යාත්‍රා 11ක් ශ්‍රී ලංකා නාවික හමුදාව ඊයේ (03) මෙහෙයුමක් මඟින් භාරයට ගෙන ඇත. මෙම මෙහෙයුම පවත්වන අවස්ථාවේදී, සංවිධානාත්මක කණ්ඩායමක් පැමිණ නාවික හමුදා යාත්‍රාව වට කරමින් අත්අඩංගුවට ගත් යාත්‍රාවක් පැහැරගෙන යාමට උත්සාහ දරා ඇත.

මෙහිදී නාවික හමුදාව හා එම කණ්ඩායම අතර තත්ත්වය තදවී පොරබැදීමක් සිදුවී තිබේ. නාවික හමුදා නිලධාරීන් නීත්‍යානුකූල ක්‍රියාවලියක් අනුව තත්ත්වය පාලනය කිරීමට උත්සාහ දරා ඇති අතර, මෙම ගැටුම අතරතුර හමුදා නිලධාරීන්ගේ ගිනිඅවි උදුරා ගැනීමේ උත්සාහයක් ද සිදුවී ඇත.

විශේෂ නිවේදනයක් - මුඛ ආවරණ අනිවාර්යයි

විශේෂ නිවේදනයක් - මුඛ ආවරණ අනිවාර්යයි

ඒ හේතුවෙන් නාවික හමුදාව විසින් අහසට වෙඩි තබමින් තත්ත්වය පාලනය කර තිබේ. මෙම සිද්ධියෙන් එක් පුද්ගලයෙකුට වෙඩි තුවාල සිදුවී ඇති අතර, ඔහු වයස අවුරුදු 23ක් වූ තරුණයෙකි.

තුවාල ලැබූ පුද්ගලයා ත්‍රිකුණාමලය මහ රෝහලට ඇතුළත් කර ඇති අතර, මේ වන විට නේවාසිකව ප්‍රතිකාර ලබයි. නාවික හමුදාව සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වමින් සිටින අතර, මේ සිදුවීමට ප්‍රතිචාර ලෙස කුච්චවේලි ප්‍රදේශයේ ධීවරයන් පිරිසක් උද්ඝෝෂණයක් ආරම්භ කර ඇති බවද වාර්තා වේ.  

රජය කොවිඩ් රෝගීන් ගැන හංගනවා? පිටට දෙන්න එපාලු

රජය කොවිඩ් රෝගීන් ගැන හංගනවා? පිටට දෙන්න එපාලු