සෞදි අරාබිය ගිනි ගනී - කිං ෆාඩ් ජාත්යන්තර ගුවන්තොටුපොළට ප්රහාරයක් - ජීවිත හානි වාර්තා වෙයි
By Ashfa
සෞදි අරාබියේ දම්මාම් නගරයේ පිහිටි කිං ෆාඩ් ජාත්යන්තර ගුවන්තොටුපොළට එල්ල වූ ප්රහාරයකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයින් අටදෙනෙකු තුවාල ලබා ඇත.
විදෙස් මාධ්ය වාර්තා කරන්නේ සෞදි අරාබියේ සිවිල් ගුවන් සේවා අධිකාරිය මේ බව නිවේදනය කර ඇති බවයි.
එම අධිකාරිය සිය X සමාජ මාධ්ය ගිණුමේ පළ කළ නිවේදනයක සඳහන් කර ඇත්තේ, ප්රහාරයෙන් ගුවන්තොටුපොළට දේපළ හානි ද සිදුව ඇති බවයි.
එම නිවේදනයේ සඳහන් වන ආකාරයට සිදුව ඇති හානිය පිළිබඳ තක්සේරු කිරීම් මේ වනවිට සිදුකරමින් පවතින අතර ප්රහාරය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු මෙතෙක් අනාවරණය වී නොමැත.