අධ්‍යාපනයේ අරුත වෙනස් කරන්නයි දැන් අවශ්‍යය - "පෙළපොතට හැඳි ගහනවම නෙවෙයි" - අගමැති හරිනි

Ministry of Education Harini Amarasuriya Education Latest Headlines Sinhala news
By Shehan Jul 27, 2025 12:30 PM GMT
Shehan

Shehan

Report

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යනු හුදෙක් නව පෙළපොත් හඳුන්වාදීමකින් පමණක් සීමා නොවන බවත්, එය අධ්‍යාපන පද්ධතියේ සමස්ත ව්‍යුහයම ප්‍රතිසංස්කරණය කිරීමේ ක්‍රියාවලියක් බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි.

ඇය මේ බව පැවසුවේ ඊයේ (26) රත්නපුර නගර ශාලාවේදී පැවති ජාතික ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් කාන්තා එකමුතුව විසින් සංවිධානය කරන ලද “පොහොසත් රටක් වෙනුවෙන් ගැහැනු අපි එකමිටට” යන තේමාව යටතේ පැවති සංවාදශීලී කථිකාවට එක්වෙමිනි.

මෙන්න විශේෂ නිවේදනයක්, මීට පස්සේ මෙහෙම චෙක් දුන්නොත් ඉවරයි

මෙන්න විශේෂ නිවේදනයක්, මීට පස්සේ මෙහෙම චෙක් දුන්නොත් ඉවරයි

මෙම අවස්ථාවේදී සභාව අමතමින් අග්‍රාමාත්‍යවරිය,

"දරුවන්ට බරක් නොවන, දෙමව්පියන්ට සහ ගුරුවරුන්ට බරක් නොවන අධ්‍යාපන ක්‍රමයක් ඇතිකරන එක අපි අපේ දේශපාලන ව්‍යාපාරය තුළ දිගින් දිගට කතාකරපු දෙයක්. ඒ ගැන අපෙ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ සවිස්තරාත්මක ප්‍රකාශ කරලා තියෙනවා. මේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය කියන්නෙ අලුත් පෙළපොතක් විතරක් හඳුන්වාදීමක් නොවෙයි , පද්ධතියම වෙනස් කරන වැඩක්.

අපි මේ පද්ධතිය තුළ දකින ප්‍රධාන ප්‍රශ්න කිහිපයක් තියෙනවා, මේ විභාහ කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමය තුළ දරුවන්ට එන පීඩනය, ඒ නිසා දෙමව්පියන්ට ඇතිවන පීඩනය සහ ඒ පීඩනය නිසා ඇතිවී තිබෙන තරගකාරීත්වය හරහා ගොඩනැගුණු නරක සමාජීය ප්‍රතිඵල වැනි කාරණා සියල්ලක් අපි මේ.ප්‍රතිසංස්කරණ තුළ ආමන්ත්‍රණය කිරීමට බලාපොරොත්තු වෙනවා.

මේක ගේමක් අධ්‍යාපන ප්‍රතිසංස්කරණය නම දාල පාසල් 3100 වහන්න හදන්නේ - දුමින්ද නාගමුව

මේක ගේමක් අධ්‍යාපන ප්‍රතිසංස්කරණය නම දාල පාසල් 3100 වහන්න හදන්නේ - දුමින්ද නාගමුව

පසුගිය කාලවල පැවති ආණ්ඩු කෙතරම් අධ්‍යාපනය ගැන කතාකරත්,අධ්‍යාපනයේ පවතින ගැටලු හඳුනාගත්තත් ඔවුන්ගේ දේශපාලන සංස්කෘතිය නිසා ඇතිවුණ අධ්‍යාපන ගැටලු ගණනාවක් තියෙනවා. බොහෝ විට අධ්‍යාපනය ඔවුන්ගේ පටු දේශපාලන තීන්දු ක්‍රියාත්මක කරන්න පාවිච්චි වී තියෙනවා.

රත්නපුර දිස්ත්‍රික්කයේ පමණක් ජාතික පාසලක් කියලා පාසලේ නාමපුවරුව විතරක් වෙනස් වුණ පාසල් කීයක් තියෙනවද ? තමන්ගෙ නමින් ගොඩනැගිල්ලක් විවෘත කරන එක වගේ තමන්ගෙ බලය පාවිච්චි කරලා ළමයින්ගෙ අධ්‍යාපනයෙ ගුණාත්මක භාවය මොනවා වුණත් මතුපිට තමන්ගෙ ප්‍රදර්ශනකාමී දේශපාලනය වෙනුවෙන් ඔවුන් අධ්‍යාපනය පාවිච්චි කරලා විශාල හානියක් සිදුකළා.

හැඟීම් නිසා මාව රැවටුණා,ගෙදරට පිරිමි කෙනෙක් නැහැනේ..අම්මා මේ දවස්වල මට ප්‍රපෝසල් හොයනවා - පියුමිටත් මංගල සීනු

හැඟීම් නිසා මාව රැවටුණා,ගෙදරට පිරිමි කෙනෙක් නැහැනේ..අම්මා මේ දවස්වල මට ප්‍රපෝසල් හොයනවා - පියුමිටත් මංගල සීනු

පසුගිය රජයන් අධ්‍යාපනයට අයවැයෙන් වෙන් කළ මුදල ක්‍රමානුකූලව අඩුකර අධ්‍යාපනයේ බර ක්‍රමානුකූලව දෙමව්පියන් මත පැටෙව්වා. ඒ වගේම අධ්‍යාපනයේ තීරණාත්මක සාධකය වන ගුරුවරුන් ඇතුළු අධ්‍යාපන පරිපාලන සේවයේ සිටිය යුතු අයගෙ වෘත්තීය භාවය දියුණු කරලා ඒ සඳහා මානව සම්පත දියුණු කරනවා වෙනුවට ඒ මානව සම්පතට හානිදායක දේවල් දියුණු කළා.

" අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන පසුගිය රජයන් සාකච්ඡා කොට තිබුණ නමුත් ඒ සම්බන්ධව සාකච්ඡා වන අතර මේ පද්ධතිය පවත්වාගෙන යෑමට අවශ්‍ය මානව සම්පත, යටිතල පහසුකම්, ප්‍රතිපාදන වෙන්කිරීම සිදුවී නෑ, එලෙස නොවී මේ ප්‍රතිසංස්කරණයන්හි වෙනස තීරණාත්මක වෙනසකට ලක් වෙන්නේ නෑ.

"ඩඩ්ලිගේ සුදු අරලිය හෝටලය අයින් කරන්න බෑ" රජයෙන්ම දැනුම් දෙයි

"ඩඩ්ලිගේ සුදු අරලිය හෝටලය අයින් කරන්න බෑ" රජයෙන්ම දැනුම් දෙයි

අපි ඉතාම සැලසුම් සහගතව මේ සමාජය තුළ සංවාදයක් ඇතිකරමින් , පද්ධතිය සූදානම් කරමින් සමාජයේ වෙනස් විය යුතු ආකල්ප ආදී සියල්ලමත් මේ සංවාදය වෙත ඈඳා ගනිමින් ඇත්ත සමාජ වෙනසකට අවශ්‍ය වෙනස්කම් සිදුකරමින් සිටිනවා.

ඉතින් ඒ සංවාදය සමාජය තුළ පුළුල්ව ඇති කිරීමේ වගකීම ඔබ සතුයි. ඉතින් අධ්‍යාපනිකව දියුණු රටක් බවට අපේ රට පත්කරන්නට ඒ දියුණු රට තුළ ශිෂ්ට සම්පන්න සමාජයක් බිහිකරන්නට , ලෝකයත් එක්ක ගැටෙන්න පුලුවන් ආර්ථිකව දියුණු රටක් ගොඩනගන්න ගෙන යන සංවාදයේ පණිවිඩකරුවන් බවට පත්වන්න ඔබට ආරාධනා කරනවා."

මාලිමා සංවිධායක අත්අඩංගුවට - බීමතින් දේවාලෙට පැනලා මිලියන 5ක කන්‍යා මරිය තුමියගේ පිළිමේ කඩලා

මාලිමා සංවිධායක අත්අඩංගුවට - බීමතින් දේවාලෙට පැනලා මිලියන 5ක කන්‍යා මරිය තුමියගේ පිළිමේ කඩලා

ReeCha