බැංකු රට පුරාම ඇති සිය ATM යන්ත්‍ර සම්පූර්ණයෙන්ම පුරවයි.

Central Bank of Sri Lanka Ranil Wickremesinghe Government Employee Sri Lanka Government Of Sri Lanka
By Wayomi Jun 29, 2023 03:58 AM GMT
Wayomi

Wayomi

Report

මෙරට බැංකු, ඔවුන්ගේ ATM යන්ත්‍ර මුදල්වලින් පුරවමින් සිටින බව වාර්තා වෙනවා.

ඒ, දේශීය ණය ප්‍රශස්තකරණ ක්‍රියාවලිය පිළිබදව විවිධ පාර්ශ්ව විසින් සිදු කරන ප්‍රකාශ හේතුවෙන් සිය පාරිභෝගිකයන් ව්‍යාකූලත්වයට පත්ව සිටින බැවින්, ATM යන්ත්‍ර වල මුදල් නොමැති වුවහොත්, පාරිභෝගිකයන්, බැංකු බංකොලොත් වී ඇතැයි වැරදි උපකල්පනයකට යාමට ඉඩ ඇති නිසාවෙනි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙන්ම මහබැංකු අධිපතිවරයාද, දේශීය ණය ප්‍රශස්තකරණ ක්‍රියාවලිය තැන්පත් කරුවන්ගේ තැන්පතු මුදල්වලට හෝ පොලියට කිසිදු බලපෑමක් ඇති නොකරන බව සහතික කර තිබෙනවා.