පෙරහැරක් හේතුවෙන් විකල්ප මාර්ග භාවිතා කරන්නැයි විශේෂ දැනුම්දීමක්

Sri Lanka Police Colombo Sri Lanka
By Sewvandhi Mar 06, 2023 09:36 AM GMT
Sewvandhi

Sewvandhi

Report

පෙරහැරක් හේතුවෙන් විකල්ප මාර්ග භාවිතා කරන්නැයි රියදුරන්ගෙන් පොලිසිය ඉල්ලා සිටිනවා.

ඒ,අද (06) රාත්‍රී හතට කොළඹ 07 - බෞද්ධාලෝක මාවතේ පිහිටි අතුල දස්සනාරාම විහාරස්ථානයේ වාර්ෂික පෙරහර ආරම්භ කරන බැවිනි.

බෞද්ධාලෝක මාවත, කනත්ත වටරවුම, බේස්ලයින් පාර, බොරැල්ල හන්දිය, මරදාන පාර - බේස්ලයින් හරස් පාර, ලෙස්ලි රණගල හන්දියෙන් නැවත හැරී විහාරස්ථානය වෙත පෙරහර ගමන් කිරීමට නියමිතව ඇත්තේ.

පෙරහර ගමන් ගන්නා ඉහත මාර්ග භාවිත කිරීමේ දී ඇතිවන රථවාහන තදබදය හේතුවෙන් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය ඉල්ලා සිටිනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now


ReeCha