කටුනායකදී රන් බිස්කට් තොගයක් අල්ලයි.

Bandaranaike International Airport Sri Lanka Gold Sri Lanka Customs
By Hashini Sep 21, 2023 10:13 AM GMT
Hashini

Hashini

Report

කටුනායක ගුවන් තොටුපළින් රන් බිස්කට් තොගයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගුවන් තොටුපලින් පිටව යමින් සිටි ගුවන් මගියෙකු සන්තකයේ තිබී රුපියල් මිලියන 13ක් වටිනා රන් බිස්කට් තොගයක් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නීති විරෝධී ලෙස රැගෙන යමින් සිටි රන් බිස්කට් තොගය සහ අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ ගුවන් තොටුපළේ සියලුම පරීක්ෂණ නිමවා පිටතට යමින් සිටියදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසිනි.

රේගු නිලධාරීන් පවසන්නේ සැකකරුගේ ගමන් මලුවල සඟවා තිබුණු රන් බිස්කට්වල බර ග්‍රෑම් 616ක් බවයි.

සැකකරු ගාල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 52ක් වන ව්‍යාපාරිකයෙකි.

කටුනායක ගුවන් තොටුපළ රේගු නිලධාරින් විසින් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබනවා. 

ReeCha