“ඇස්ට්‍රාසෙනෙකා” දෙවන මාත්‍රාව ලබාගත හැකි ස්ථාන ගැන දැනුම්දීමක්

By Sewvandhi Jul 31, 2021 06:46 AM GMT
Sewvandhi

Sewvandhi

Report

“ඇස්ට්‍රාසෙනෙකා” පළමු මාත්‍රාව ලබාගෙන සිටින පුද්ගලයින්ට;

හෙට දිනයේදී (අගෝස්තු 01 ) විහාරමහා දේවි උද්‍යානයේදීත්,

අනිද්දා (අගෝස්තු 02) දියත උයන සහ විහාරමහා දේවි උද්‍යානයේදීත්

දෙවන මාත්‍රාව ලබා ගත හැකි බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා දැනුම්දෙනවා.

ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා 728,460ක් අද (31) පස්වරුවේ මෙරටට ලැබීමට නියමිත වනවා.

එම එන්නත් තොගය මේ වන විට පළමු මාත්‍රාව ලෙස ඇස්ට්‍රාසෙනෙකා (කොවිෂීල්ඩ්) එන්නත ලබාගෙන සිටින පිරිසට දෙවන මාත්‍රාව ලෙස ප්‍රමුඛතාවයෙන් ලබා දෙන අතර ඉතිරි ප්‍රමාණය කෑගල්ල දිස්ත්‍රික්කයේ එන්නත්කරණ වැඩසටහනට යොමු කරන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා.

එමෙන්ම ලබන සෙනසුරාදා දිනයේත් මෙවැනිම ඇස්ට්‍රාසෙනෙකා එන්නත් තොගයක් මෙරටට ලැබීමට නියමිත බවයි වාර්තා වන්නේ.   


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now