දිස්ත්‍රික්කයක දෙවන මාත්‍රාව වෙනුවෙන් ඇස්ට්‍රාසෙනෙකා 10 000ක්

sri lanka Corona virus covid vaccsine Astraseneca Colombo district
By Sithumi Jun 27, 2021 10:00 AM GMT
Sithumi

Sithumi

Report

කොළඹ ජනතාවට දෙවන මාත්‍රාව ලබාදීම සඳහා ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා 10,000ක් ලැබී තිබෙන බව කොළඹ නගරාධිපතිනී රෝසි සේනානායක මහත්මිය පැවසුවාය.

ඒ අනුව එම එන්නත් අවුරුදු 70න් ඉහළ ජනතාව සඳහා ලබාදීමට තීරණය කර ඇති බවද රෝසි සේනානායක මහත්මිය සඳහන් කළාය.

"කොළඹ නගරසභා සීමාව තුළ අපි මේ වනවිට ලක්ෂ 2කට ආසන්න එන්නත ප්‍රමාණයක් ජනතාවට දීලා තියෙනවා. සයිනොෆාම් 90,000ක් සහ ඒකෙ දෙවන මාත්‍රාවත් අපි ලබාදීලා ඉවරයි. ඇස්ට්‍රාසෙනෙකා 109,000කට ලබාදීලා තියෙනවා. ඇස්ට්‍රාසෙනෙකා මාත්‍රා 10,000ක් අපිට ලැබිලා තියෙනවා දෙවන මාත්‍රාව ලබාදීම සඳහා. අපි ඒක ලබාදෙන්නේ අවුරුදු 70ට වැඩි අයට. ඒ අයට කෙටි පණිවුඩයක් ලැබෙයි. කෙටි පණිවුඩයක් යොමු කරන්න බැරි පිරිස්වලට නිවෙස්වලට ගිහින් දැනුම් දෙන්න කටයුතු කරනවා." මේ අතර කොළඹ නගරය තුළ දෛනිකව හඳුනා ගන්නා ආසාදිතයින් සම්බන්ධයෙන් දැනුවත් කරමින් කොළඹ මහනගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජේමුණි මහතා සඳහන් කළේ,

"කොළඹ නගරය තුළින් අපි දිනපතා ආසාදිතයින් 60ක් පමණ සොයාගනු ලබනවා. පහුගිය කාලෙදි ඒක 140ට වගේ ගියා. නමුත් දැන් එක 60ත් 70ත් අතරට ඇවිත් තියෙනවා."


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....  
Join now