අනිද්දා ඉඳලා ලංකාවේ වෙන මේ දේ ගැන ඔබ දැනුවත් ද?. 15 සහ 22 දවස් ගැනත් කලින්ම කියයි..
Sri Lanka
By krishani
08 වෙනි දා සිට ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය විසින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ ඔවුන්ගේ ඉල්ලීම්වලට සාධනීය විසඳුම් මේ දක්වා නොලැබීම හේතුවෙන් ය.
ඒ අනුව අනිද්දා දිනයේ සිට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ලබාදෙන වාර්තා අත්හිටුවීම සහ ප්‍රගති සමාලෝචන ඇතුළු සියලු රැස්වීම්වලට සහභාගීවීම අත්හිටුවනු ලබයි.
එමෙන්ම ලබන 15 වැනිදා සිට ඩෙංගු මර්දන රාජකාරීවලින් ද ඉවත් වීමට නියමිතයි.
කෙසේ වෙතත්, මීට අමතරව එළඹෙන 22 වැනිදා සියලුම බෝවන රෝග පාලන කටයුතුවලින් ද ඉවත්වන බව එම සංගමය සඳහන් කළේ ය.
