"දක්ෂයෙකු නම් ඉදිරිපත් කළ අයවැය ක්‍රියාත්මක කර පෙන්වන්න" - ලාල් කාන්තටත් අභියෝග කරයි

Report

පාර්ලිමේන්තුවේ මහජන මුදල් කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාට අභියෝගයක් එල්ල කරන බව ආශු මාරසිංහ මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ පාර්ලිමේන්තුවේ අයවැය කාර්යාලය මෙතෙක් ස්ථාපිත කර නොමැති බවත්, 2027 වසරේ අයවැය ක්‍රියාත්මක වීම නිරීක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර මට්ටමේ ඩෑෂ්බෝඩ් පද්ධතියක් සකස් කරන ලෙස ඉල්ලා තිබුණද එය තවමත් ක්‍රියාත්මක කර නොමැති බවත්ය.

ජනතාව වෙනුවෙන් ඉදිරිපත් කරන අයවැය පිළිබඳව සොයා බැලීමේ වගකීම මහජන මුදල් කාරක සභාව සතු බව සඳහන් කළ ඔහු, එම කාරක සභාවෙන් ඉටුවිය යුතු කාර්යභාරයන් මේ වන විට නිසි පරිදි ඉටු නොවන බවටද චෝදනා කළේය.

2027 අයවැය තීරණාත්මක දෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද

2027 අයවැය තීරණාත්මක දෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද

ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන අයවැය ක්‍රියාත්මක වීම පිළිබඳව පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් සියලුදෙනාම අවධානය යොමු කළ යුතු බවද ඔහු අවධාරණය කළේය.

පාර්ලිමේන්තුව තුළ එකිනෙකාට චෝදනා කරගනිමින් සහ ජංගම දුරකථන භාවිත කරමින් කාලය ගත කිරීම වෙනුවට ජනතාව වෙනුවෙන් ඉටුවිය යුතු වගකීම් ඉටුකළ යුතු බවද ආශු මාරසිංහ මහතා සඳහන් කළේය.

ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා තම මිතුරෙකු වුවද, අදාළ ගැටලු පිළිබඳව කතා කළ යුතු බවත්, ඔහු පවා මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක නොවීම කනගාටුවට කරුණක් බවත් ඔහු පැවසීය.

බහරේනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් විශේෂ නිවේදනයක් - ශ්‍රී ලාංකිකයන්ට අනතුරු ඇඟවීම් ගැන දැනුම්දීමක්

බහරේනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් විශේෂ නිවේදනයක් - ශ්‍රී ලාංකිකයන්ට අනතුරු ඇඟවීම් ගැන දැනුම්දීමක්

එමෙන්ම, ජීවන වියදමට සරිලන අයවැයක් ඉදිරිපත් කිරීමට නොහැකි වූ බවට අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දැක්වූ ආශු මාරසිංහ මහතා, ඉදිරිපත් කළ අයවැය ක්‍රියාත්මක කර පෙන්වන ලෙස අභියෝග කළේය.

2027 වසරේ අයවැය ක්‍රියාත්මක කිරීම සඳහා නිසි වැඩපිළිවෙළක් සකස් කර පෙන්වීමට හැකි නම් තමන් දක්ෂයෙකු බව ඔප්පු කළ හැකි බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

අද මුදල් අතින් වාසි කාටද? පවුල් ජීවිතයට සහ රැකියාවට මොනවා වෙයිද? ලග්න පලාපල මෙන්න

අද මුදල් අතින් වාසි කාටද? පවුල් ජීවිතයට සහ රැකියාවට මොනවා වෙයිද? ලග්න පලාපල මෙන්න