නව කථානායක පොළොන්නරුවෙන් ද?. නැත්නම්?.⁣ අ⁣ශෝක රංවලටත් විශේෂ අසුනක්?. මේ ඒ ගැනයි..

Report

අද (17) නියෝජ්‍ය කතානායක වෛද්‍ය රිස්වි සාලිගේ ප්‍රධානත්වයෙන් පෙරවරු 9.30ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි.

මෙහිදී ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ 28 වන කතානායකවරයා තෝරා පත්කර ගැනීමට නියමිතව තිබෙනවා.

මෙරට 10 වන පාර්ලිමේන්තුව ආරම්භයේ දී කතානායකවරයා ලෙස තෝරා පත්කරගත් අශෝක රංවල ය.

ඒ මහතා එම තනතුරින් ඉල්ලා අස් විය.

ඒ හේතුවෙන් පාර්ලිමේන්තුවට නව කතානායකවරයෙක් අද (17) දිනයේ තෝරා පත්කර ගැනීමට නියමිතව තිබෙනවා.

ආන්දෝලනයට ලක් කළ.. උඩු දුවපු.. ශිෂ්‍යත්ව විභාගය අයෙම?.

ආන්දෝලනයට ලක් කළ.. උඩු දුවපු.. ශිෂ්‍යත්ව විභාගය අයෙම?.

එම තනතුර වෙනුවෙන් ආණ්ඩු පක්ෂයෙන් ජාතික ජන බලවේගයේ පොළොන්නරු දිස්ත්‍රික් මන්ත්‍රී වෛද්‍ය ජගත් වික්‍රමරත්න යෝජනා කිරීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ ය.

මේ අතර, කතානායක තනතුර වෙනුවෙන් විපක්ෂය නියෝජනය කරමින් සමගි ජන බලවේගයෙන් නමක් ද යෝජනා කිරීමට නියමිතව ඇති බව තොරතුරු වාර්තා වේ.

පොහොට්ටුවෙන් සජබෙට ආ දැවැන්තයෙක්.. සජිත් හැර දා පක්ෂයෙන් යන්න යයි.. වහා ඉවත් වෙන්න හේතුව මේකයි..

පොහොට්ටුවෙන් සජබෙට ආ දැවැන්තයෙක්.. සජිත් හැර දා පක්ෂයෙන් යන්න යයි.. වහා ඉවත් වෙන්න හේතුව මේකයි..

ඒ, අනුව සමගි ජන බලවේගයේ රෝහිනී කුමාරි විජේරත්න මන්ත්‍රීවරියගේ නම ඒ සඳහා යෝජනා කිරීමට සූදානම් බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කර සිටියේ ය.

එලෙස නම් කිහිපයක් කතානායක තනතුර වෙනුවෙන් යෝජනා වුවහොත් නව කතානායකවරයා තෝරා පත්කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ ඡන්දයක් පැවැත්වීමට සිදු වේ.

මේ අතර කතානායක තනතුරින් ඉල්ලා අස් වූ අශෝක රංවලට පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රී අසුනක් හිමිවන බවට තොරතුරු වාර්තා වේ.

You May Like This Video👇 

.