ලංකාවෙම සුපිරි කලා තරු එකතුවී අසේකාට සහ ඇයගේ කෝටිපති පෙම්වතාට දීපු සප්‍රයිස් එක (PHOTOS)
ජනප්‍රිය චරිත ගැන නිතරම කතාබහට ලක්වෙනවා. ඒ ඔවුන්ගේ ඇති ජනප්‍රියත්වය එහෙමත් නැතිනම් ප්‍රසිද්දිය නිසාවෙන්මයි. නමුත් ජනප්‍රිය වුනා කියලා හැමෝම ගැන කතාබහට ලක්වෙන්නෙත් නැහැ. සමාජය ආදරයෙන් වැලදගත ආදරණිය චරිත සිටිනවා.
ඒ චරිත වලට තමයි ඔවුන් වැඩියෙන්ම කැමති සහ වැඩියෙන්ම කතාබහට ලක්වෙන්නේ. චන්න විජේවර්ධන මේ නම අහපු ගමන් රටේ නම ජාත්‍යන්තරයට ගෙන ගිය දක්ෂ නැට්ටුවෙක් තමයි මතකට නැගෙන්නේ. ඒ වගේම උපුලි පනිබාරත කියන නම ඇහුවමත් දක්ෂ නැට්ටුක්කාරියක් මතකයට නැගෙනවා. උපුලි මිස් වගේම චන්න සර් කියන්නේ ලංකාවේ නර්තනය වෙනුවෙන් බොහෝ සේ කැපවුන චරිත දෙකක්.
ඔවුන් ගැන නෛඅතරම කතාබහට ලක්වෙනවා අඩු වුනත් ඔවුන් මේ රටට වටිනා සම්පත් බව කිව යුතුමයි. දේශීය නර්තන කලාව නගා සිටුවන්නට එතුමන්ලා එතුමියන්ලා කරපු මෙහෙවර මිල කල නොහැකිය. අද ඔවුන් යටතේ සුවහසක් දූ දරුවන් නර්තනය හදාරනු ලබනවා. හෙට දවසේ නර්තන කලාව වෙනුවෙන් ඔවුන් තවත් සම්පතක් දායාද කළා
. ඒ ඔවුන්ගේ එකම දියණිය . ඇය අසේකා විජේවර්ධන. දැන් ඇය ගැන හැමෝම වගේ දන්නවා. දැන් අසේකා ජනප්‍රිය චරිතයක්. ඇය අම්මා තාත්තා වගේම දක්ෂයි නර්තනයට. දක්ෂ නැට්ටුක්කාරියක් තමයි ඇය. ඇයගේ හැකියාවන් මුළු රටම දුටුවා. මේ දිනවල අසේකා ගැන හැමෝම කතාවෙන්වා, ඒ තමයි ඇයගේ විවාහ යෝජනාව නිසා.
කෝටිපති පෙම්වතෙක් ඇයට විවාහ යෝජනාව ගෙනාව කියලයි හැමෝම කියන්නේ. ඔහු ජනික් ජයසුරිය. මේ දෙදෙනා ලගදීම විවාහ වෙන්න සුදානමින් ඉන්නවා කියලයි හැමෝම කියන්නේ. ඉතින් කලා තරු රැසක් එකතුවෙලා අසේකාට සහ ඇයගේ පෙම්වතාට සප්‍රයිස් පාටි එකක් සුදානම් කරලා තිබුනේ හරිම ආදරණිය ලෙසින්. ඉතින් ඔවුන් දෙදෙනා ඒ මොහොතේ බෙහෙවින් සන්තෝස වුනා
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |









