බෑ බෑ කිව්වට මොකද AI වලට පින් සිද්ධ වෙන්න ඔන්න ඒකත් හරි
අපරාධකරුවන් හඳුනාගැනීමට AI තාක්ෂණය උපයෝගි කර ගැනීම පිළිබඳ පහුගිය කාලයේ දැඩි කතාබහක් ඇති විය.
ඒ අනුව මෙම AI තාක්ෂණය යොදා ගනිමින් අපරාධකරුවන්ගේ මුහුණේ ඡායාරූප නිර්මාණය කිරීමේ වැඩසටහන මේ වන විට සාර්ථක වී ඇත.
ඒ බව කොළඹ අපරාධ වාර්තා කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් කුමාර මහතා ප්‍රකාශ කර සිටියා.
එහි දී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා කියා සිටියේ අපරාධ වාර්තා කොට්ඨාසයේ චිත්‍ර ශිල්පීන් අපරාධකරුවන්ගේ රූප විස්තර ඇසුරෙන් නිර්මාණය කරන ලද චිත්‍ර AI තාක්ෂණය යොදා ගෙන වැඩිදියුණු කිරීමට දැනටම පියවර ගෙන ඇති බවයි.
එසේම මේ වන විට එසේ AI තාක්ෂණය යොදා ගෙන ඡායාරූප 5ක් නිර්මාණය කර ඇති බවත් වාර්තා වේ.
එමෙන්ම එම ඡායාරූප මඟින් අපරාධකරුවන් දෙදෙනකු හඳුනාගෙන ඇති බවත් ඔහු සඳහන් කළා.