හොර රහසේ ජයටම කරගෙන ගිය කංසා හේනක් වටලයි.
Sri Lanka
By krishani
ඊයේ (27) දින, තණමල්විල - හම්බේගමුව ප්‍රදේශයේ හේනක වගා කර තිබු කංසා වගාවක් මධ්‍යම පළාත් විශේෂ සුරාබදු ඒකකයේ නිලධාරින් විසින් වටලා තිබෙනවා.
ඒ මධ්‍යම පළාත් විශේෂ සුරාබදු ඒකකයේ නිලධාරින්ට ලද බුද්ධි තොරතුරක් මත අදාළ වැටලීම සිදුකර තිබෙන්නේ.
එම වැටලීමෙන් සැකකරුවන් පස්දෙනෙකු අත්අඩංගුවට ගැණින.
අක්කර 03ක පමණ භුමියක කංසා පැළ 7500 ක් පමණ එහි වගා කර තිබ ඇති අතර එහි වටිනාකම රු ලක්ෂ 20 පමණ වේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් තණමල්විල හම්බේගමුව, බලහරුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 25-40 කාණ්ඩ වල පසුවන්නන් වේ.
සැකකරුවන් වැල්ලවාය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව එක් චුදිතයෙකුට රු. දස දහස බැගින් වූ දඩ මුදල් ගෙවිමට නියම කර ඇත.
එමෙන්ම එයට අමතරව මාස තුනකට සිර දඩුවම් ලබා දී එය වසර පහකට අත්හිටුවීමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.
