වහාම ක්‍රියත්මක රෝහල් වලට යුද හමුදාව කැඳවයි. (PHOTOS)
වහාම ක්‍රියත්මක වන පරිදි දිවයිනේ රෝහල් වලට යුද හමුදාව කැඳවා තිබෙනවා.
ඒ, සෞඛ්‍ය වෘත්තිය සමිති කිහිපයක් එක්ව දියත් කර ඇති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සමඟ මේ වනවිට දිවයිනේ බොහෝ රෝහල්වල දෛනික වැඩකටයුතු අඬපණ වී තිබීම හේතුවෙන්.
වෛද්‍යවරුන් සඳහා පමණක් දීමනා ඉහළ දැමීමට එරෙහිව සෞඛ්‍ය වෘත්තීය සමිති විසින් මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක කර ඇත.
ඊයේ (10) දිනයේ අතුරු වෛද්‍ය සේවා වෘත්තීය සමිති විසින් ආරම්භ කළ දෙදින සංකේත වැඩ වර්ජනය සඳහා අද (11) පෙරවරු 6 සිට තවත් වෘත්තීය සමිති රැසක් එක් වූ බවයි වාර්තා වන්නේ.
අඩාලවන රෝහල් කටයුතු බාධාවකින් තොරව යථා තත්ත්වයට පත්කරගැනීම සදහා සෞඛ්‍ය අමාත්‍යංශය විසින් කළ ඉල්ලීමකට අනුව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා විසින් ආරක්ෂක සේනා ආඥාපතිවරුන්ට උපදෙස් ලබාදී තිබෙනවා.
ඒ අනුව කොළඹ සහ මහනුවර ජාතික රෝහල්, කළුබෝවිල, කරාපිටිය, මහමෝදර, පේරාදෙණිය සහ කුරුණෑගල ශික්ෂණ රෝහල්, මාතර, බලංගොඩ, ඇහැළියගොඩ, නාවලපිටිය, බදුල්ල, ගම්පොළ, මීරිගම යන රෝහල් සඳහා මේ වන විට යුද හමුදා භට පිරිස් යොදවා ඇත.
මෙහිදී යුද හමුදාවේ 500කට ආසන්න භට පිරිසක් ඒ සඳහා අනුයුක්ත කර ඇති අතර හදිසි අවශ්‍යතාවයක් ඇති වුවහොත් යෙදවීම සඳහා අවශ්‍යය භට පිරිස් සූදානම් කරන ලෙස යුද හමුදාපතිවරයා ආරක්ෂක සේනා ආඥාපතිවරුන්ට උපදෙස් ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් වෛද්‍යවරුන් සඳහා ලබාදුන් දීමනාව සෙසු සෞඛ්‍ය වෘත්තිකයින් දීමනා ලබා නොදෙන්නේ නම් ඉදිරියේ දී වෘත්තීය සමිති ක්‍රියාමාර්ග තීව්‍ර කිරීමට පියවර ගන්නා බවයි සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රවී කුමුදේශ් ප්‍රකාශ කරන්නේ.
Sponsored By Sarrita Jewellery
