සෞඛ්‍ය අමාත්‍යාංශයේ කණ්ඩායම් අතර බෙදීමක් (VIDEO)

COVID19 ISOLATED QUARANTINE HEALTH MINISTRY ARJUNA DE SILVA
By Sewvandhi Jun 17, 2021 12:08 PM GMT
Sewvandhi

Sewvandhi

Report

සෞඛ්‍ය අමාත්‍යාංශයේ කණ්ඩායම් අතර තිබෙන බෙදීම හේතුවෙන් කොරෝනා වෛරසය පාලනයට බාධා ඇති වී තිබෙන බව මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පවසයි.

අද (17)  'බිග් ෆෝකස්' වැඩසටහන සමග සම්බන්ධවෙමින් මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා ඒ බව සඳහන් කළේය. එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ,

"අපෙත් ප්‍රශ්නෙ තියෙන්නේ අමාත්‍යාංශ අතර සම්බන්ධතා හුඟාක් අඩුයි. මම දන්නම දෙයක් තමයි අපේ අමාත්‍යාංශ එකට වැඩ කරන්නෙ නෑ. අපේ රට ඉදිරියට යන්නෙ නැති ප්‍රධාන හේතුවක් තමයි ඒක. මේ වෙලාවෙ හරි පෞද්ගලික දේවල් පැත්තකින් තියලා රට ගැන හිතලා වැඩ කරන්න ඕනේ. සමහර අයට අමතක වෙලා තියෙන්නේ මේකෙන් අපි ඔක්කොම මැරෙනවා කියන එක. මම ආයෙත් කියන්නේ මම දකින ප්‍රධානම උවදුර තමයි අපි එකට වැඩ කරන්නේ නැති එක.

අමාත්‍යාංශය තුළත් දෙපාර්තමේන්තු අතර ප්‍රශ්න. හරි විදිහෙ පරිපාලනයක් කරන්න ඩේටා ශෙයා කිරීම අවශ්‍යයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ කණ්ඩායම් අතර සම්බන්ධීකරණය වැඩි කරන්න අවශ්‍යයි. නිවරැදි ඩේටා ප්‍රමාදයකින් තොරව ලැබිය යුතුයි. එහෙම නැතුව පාසල් ඇරීම වගේ කරුණු ගැන හිතන්නවත් බෑ." "හැබැයි තව පැත්තකින් අපේ ජනතාව හැසිරෙන විදිහ වැරදියි. මොකද දැන් හදිසියෙවත් එක පාරටම රට ඇරියොත් හැමෝම එළියට බහිනවා. බටහිර රටවල ඊට වැඩිය විනයානුකූලව කරනවා. අපේ ජනතාවට පැහැදිලි ලෙස කිව්වෙ නැත්නම් මොකක් ද කළ යුතු දේ කියලා එයාලා හිතලා මතලා තීරණ ගන්න ස්වරූපය අඩුයි." 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now