ලොවක් හඩවමින් සුපිරි පාපන්දු ක්‍රීඩකයකු මෙසී හට අකාළයේ පාපන්දු පිටියට සමු දීමේ අවධානමක්...මෙසීගේ වෛද්‍යවරුන්ගේ තීරණයට කුමක් වේවිද..? (PHOTOS)
ආජන්ටිනාවෙන් පාපන්දු ලෝකයට තිළිණ කෙරුණු සුපිරි පාපන්දු ක්‍රීඩකයකු වන ලයනල් මෙසී හට අකාළයේ පාපන්දු පිටියට සමු දීමේ අවධානමක් මතු වී ඇති බව වාර්තා වනවා.
මීට හේතු වී ඇත්තේ ඔහුට සුවකළ නොහැකි නිදන්ගත රෝගයක් ඇති බව හඳුනාගැනීමයි.
ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන ආකාරයට ලයනල් මෙසී හට වැලඳී ඇත්තේ මෙතෙක් ප්‍රතිකාරයක් සොයාගෙන නොමැති රෝගයක් බව පැවසෙන Achilles Tendonitis නම් නිදන්ගත රෝගයයි.
34 හැවිරිදි මේ සුපිරි ක්‍රීඩකයාගේ රෝගී තත්ත්වය සම්බන්ධයෙන්යෙන් අද සිදු කෙරෙන අවසන් පරීක්ෂණයයෙන් අනතුරුව ඔහුගේ ක්‍රීඩක දිවියේ අනාගතය තීරණය කෙරෙන බවයි මෙසීගේ වෛද්‍යවරුන් පවසන්නේ.
පාපන්දු ඉතිහාසයේ වඩාත්ම අලංකාර වූ පාපන්දු ක්‍රීඩකයෙකු ලෙස සැලකෙන ලයනල් මෙසී මේ වන විට වෘත්තීමය පාපන්දු ක්‍රීඩකයෙකු ලෙස පැරිස් සෙන්ට් ජර්මේන් (paris saint germain) කණ්ඩායමට ක්‍රීඩා කරනවා.
ඔහු ක්‍රීඩාවෙන් ම උපයාගත් ඇමරිකානු ඩොලර් මිලියන 600 අධික වත්කමක ට හිමිකම් කියන මෙම සුපිරි ක්‍රීඩකයා අද වනවිට ගෙවා දමනු ලබන්නේ ඔහුගේ වෘත්තීමය ක්‍රීඩා ජීවිතයේ සැඳෑ සමයයි.
කෙසේ වෙතත් හදිසියේ හඳුනාගත් මේ රෝගී තත්ත්වය හේතුවෙන් ඔහුට බොහෝ දුරට පැරිස් සෙන්ට් ජර්මේන් කණ්ඩායමේ ඉදිරි තරග වාරය අහිමි වනු ඇති බවටයි කණ්ඩායම් ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
ලයනල් මෙසී ගේ රෝගී තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වූ පැරිස් සෙන්ට් ජර්මේන් කණ්ඩායමේ ඉහළ කළමනාකරුවකු සඳහන් කළේ බොහෝ දුරට පාපන්දු ලොව දෙවියා ට ලබන තරග වාරයේදී සිය කණ්ඩායමේ ජර්සිය හැඳ පිටියට පිවිසිමේ අවස්ථාවන් අල්ප බවයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |






