බැංකු ප්‍රධානියෙක් අත්අඩංගුවට...

Report

පෞද්ගලික බැංකු මූලස්ථානයක විධායක අධ්‍යක්ෂකවරයෙකුගේ. නාරහේන්පිට නිවසේ සඟවා තිබූ ගිනි අවි සහ ජීව උණ්ඩ තොගයක් සමඟ එම පුද්ගලයා පොලිස් අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියා සිටී.

රාජ්‍ය සේවයට රතු එළියක්..විශේෂ පිරිසකගෙන් විශේෂ අනාවරණයක්...

රාජ්‍ය සේවයට රතු එළියක්..විශේෂ පිරිසකගෙන් විශේෂ අනාවරණයක්...


එම නිවස තුළ තිබී mauser 6.35 මා දිලී කුඩා පිස්තෝල අවි එකක් සහ එම පතරොම් ගැබක් , 9 එම් එම් වර්ගයේ ජීව උණ්ඩ 400 ක් 7.62 ජීව උණ්ඩ 278 ක් 0.22 වර්ගයේ ජීව උණ්ඩ 100 ක් 303 වර්ගයේ ජීව උණ්ඩ 15 ක් බෝර දොළහ වර්ගයේ පතුරම් 350 ක් බෝර දාසය වර්ගයේපතුරම් 25 ක් මෙන්ම විදේශ රටක නිෂ්පාදිත berenta ,santa , hatson escort ,glaock 19 gen semi auto pietal වර්ගයන්ට අයත් ගිනි අවි 4 ක් සහ මැගසින් 2 ක් පොලිස් භාරයට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු විසින් එම ගිනි අවි සඳහා ලබා ගන්නා ලදැයි බව කියන බලපත්‍ර හතරක් පොලිසිය වෙත ඉදිරිපත් කර ඇති අතර එම බලපත්‍ර නීත්‍යානුකූලව ලබාගන්නා ලද බලපත්‍ර ද යන්න විමර්ශන කරන බව උසස් පොලිස් නිලධාරියේක් පැවසීය.

ට්‍රැක්කටරයකට පොලීසියෙන් වෙඩි..රියදුරු අත්අඩංගුවට ගනී..

ට්‍රැක්කටරයකට පොලීසියෙන් වෙඩි..රියදුරු අත්අඩංගුවට ගනී..


ඊට අමතරව සැකකරු ක්‍රීඩා සමාජයක සාමාජිකයකු බව සඳහන් හැඳුනුම් පතක් ද පොලිසිය වෙත ඉදිරිපත් කර ඇතැයි එම නිලධාරියා ප්‍රකාශ කර ඇත.

සැකකරු 49 හැවිරිදි පුද්ගලයෙක් බවට වාර්තා වනවා.

You May Like This Video