ඔයත් අදහසක් දෙන්න ලෑස්තිද ? එනම් හෙට යන්න
මේ වසරේ දෙවන විදුලි ගාස්තු සම්බන්ධව මහජනතාවගෙන් වාචික අදහස් විමසීම හෙට (23) සිට සිදු කෙරෙන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව දැනුම් දී සිටිනවා.
මහජන උපයෝගිතා කොමිසමේ සන්නිවේදන අධ්‍යක්ෂ ජයනාත් හේරත් මහතා පවසා සිටියේ ජුනි මස 03 වැනිදා දක්වා සියලු පළාත් ආවරණය වන පරිදි වාචික අදහස් ලබාගැනීම සිදු කෙරෙන බව යි.
2025 වසරේ දෙවැනි භාගය සඳහා විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ යෝජනාව ලංකා විදුලිබල මණ්ඩලය ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම වෙත ඉදිරිපත් කළ පසුබිමක නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය මේ බව සඳහන් කර සිටියා.
යෝජිත නව සංශෝධනයට අනුව නව විදුලි ගාස්තුව වැඩි වන නමුත්, එය මෙම වසර මුල දී පැවති විදුලි ගාස්තුවට වඩා අඩු අගයක් වනු ඇති බව ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු ධම්මික විමලරත්න මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයක් මඟින් දක්වා සිටියා.
2014-2022 කාලය තුළ දී විදුලි ජනනය, සම්ප්‍රෙෂණය සහ බෙදාහැරීම සඳහා දැරීමට සිදු වූ පිරිවැය ඉහළ ගියද විදුලි ගාස්තුවල කිසිඳු වෙනසක් සිදු නොකළ බවත්, එම කාලය තුළ ඉන්ධන ගාස්තු, ගල් අඟුරු, අමතර කොටස් සහ නඩත්තු වියදම් ද නිරන්තරයෙන් ඉහළ ගිය බවත් නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
