මුළු ලෝකයම බලා සිටින ඊශ්‍රායලයේ බල පෙරළියකට අරාබි පක්ෂ දෙකක සහාය - නෙතන්යාහුට ගෙදර යන්න වෙයිද?

Report

ඊශ්‍රායලයේ නව රජයක් පිහිටුවීමේ බල අරගලය තීරණාත්මක අවස්ථාවකට පැමිණ තිබේ. ඒ, අගමැති බෙන්ජමින් නෙතන්යාහුට එරෙහි විපක්ෂ නායක ගාඩි අයිසන්කොට්ට රජයක් පිහිටුවීම සඳහා අරාබි බහුතරයක් සහිත දේශපාලන පක්ෂ දෙකක් සහාය පළ කිරීමත් සමඟය.

පසුගිය ඔක්තෝබර් 27 වැනිදා පැවති මැතිවරණයේදී එම අරාබි පක්ෂ දෙක ඓතිහාසික ජයග්‍රහණයක් ලබා ගනිමින් පාර්ලිමේන්තු ආසන 19ක් දිනාගෙන තිබේ.

ඒ අනුව නව රජයක් පිහිටුවීමේදී ඔවුන්ගේ සහාය තීරණාත්මක සාධකයක් බවට පත්ව ඇත. ඊශ්‍රායල ජනාධිපති අයිසැක් හර්සොග් ප්‍රකාශ කර ඇත්තේ නව රජයක් පිහිටුවීම සඳහා කුමන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට අවස්ථාව ලබාදෙන්නේද යන්න ඉරිදා ප්‍රකාශයට පත් කරන බවයි.

ජනාධිපතිවරයා සමඟ පැවති සාකච්ඡාවලදී මන්ත්‍රීවරුන් 67 දෙනෙකු ගාඩි අයිසන්කොට්ට සහාය පළ කර ඇති අතර, 46 දෙනෙකු බෙන්ජමින් නෙතන්යාහුට සහාය පළ කර තිබේ. මන්ත්‍රීවරුන් හත්දෙනෙකු කිසිදු පාර්ශ්වයකට සහාය නොදක්වා සිටීමට තීරණය කර ඇත.

කෙසේ වෙතත්, අයිසන්කොට්ගේ පාර්ශ්වයට අරාබි පක්ෂවල සහාය හිමිවීමත් සමඟ තවත් දේශපාලන අභියෝගයක් මතුව තිබේ.

ඒ, ඔහුගේ විපක්ෂ සන්ධානයේම සිටින දක්ෂිණාංශික ඊශ්‍රායල් බෙයිටෙනු පක්ෂය අරාබි පක්ෂවල සහාය මත රඳා පවතින රජයකට එක් නොවන බවට ප්‍රකාශ කර තිබීමයි.

එම පක්ෂයේ නායක අවිග්ඩෝර් ලිබර්මන් පෙන්වා දී ඇත්තේ හමාස් සංවිධානය ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස පැහැදිලිව හඳුන්වාදීමට අරාබි පක්ෂ කටයුතු කර නොමැති බවයි.

සියලුම කාන්තා සේවිකාවන්ට iPhone තෑගි කළ ප්‍රධානියා - ඩුබායි සංවේදී කළ අපූරු සිදුවීමක්!

සියලුම කාන්තා සේවිකාවන්ට iPhone තෑගි කළ ප්‍රධානියා - ඩුබායි සංවේදී කළ අපූරු සිදුවීමක්!

කෙසේ වෙතත්, 2023 ඔක්තෝබර් 7 වැනිදා ඊශ්‍රායලයට එල්ල වූ හමාස් ප්‍රහාරය එම පක්ෂ විසින් හෙළා දැක තිබේ. මේ අතර, නෙතන්යාහුට මීට පෙර සහාය ලබාදුන් අතිශය ආගමික මතවාද සහිත යුනයිටඩ් ටෝරා ජුඩයිසම් පක්ෂය මෙවර කිසිදු අපේක්ෂකයෙකුට සහාය පළ නොකිරීමට තීරණය කර තිබීමද විශේෂත්වයකි.

එම පක්ෂය සහ ෂාස් පක්ෂය දිගින් දිගටම ආගමික අධ්‍යාපනය ලබන සිසුන්ට අනිවාර්ය හමුදා සේවයෙන් ලබාදී ඇති නිදහස තවදුරටත් පවත්වාගෙන යාම වෙනුවෙන් පෙනී සිටියි.

කෙසේ වෙතත්, අයිසන්කොට් හමුදා සේවයෙන් ලබාදී ඇති එම නිදහස අවසන් කළ යුතු බවට දැඩි ස්ථාවරයක සිටින බව වාර්තා වේ.

නව පාර්ලිමේන්තුවේ ආසන 120න් නෙතන්යාහුගේ සන්ධානයට ආසන 53ක් හිමිව ඇති අතර, අයිසන්කොට්ගේ සන්ධානයට හිමිව ඇත්තේ ආසන 48කි.

ඒ අනුව, අරාබි පක්ෂ දෙක දිනාගත් ආසන 19 සහ නව රජයක් පිහිටුවීමේදී ඔවුන් ගන්නා තීරණය ඊශ්‍රායලයේ ඉදිරි දේශපාලන ගමන්මඟ තීරණය කරන ප්‍රධාන සාධකයක් වී තිබේ.

ජනාධිපතිවරයා විසින් රජයක් පිහිටුවීමේ වගකීම පවරන මන්ත්‍රීවරයාට ඒ සඳහා දින 28ක කාලයක් හිමිවන අතර, අවශ්‍ය නම් තවත් දින 14ක කාලයක් ලබාගැනීමටද හැකියාව පවතී.      

ගෝලීය කොටස් වෙළෙඳපොළ හොල්ලමින් ඩොලර් ට්‍රිලියන 2.5ක් අළු වෙයි - අමෙරිකානු මැතිවරණයෙන් පසු AI සමාගම්වල කොටස් මිල දැවැන්ත ලෙස කඩා වැටෙයි

ගෝලීය කොටස් වෙළෙඳපොළ හොල්ලමින් ඩොලර් ට්‍රිලියන 2.5ක් අළු වෙයි - අමෙරිකානු මැතිවරණයෙන් පසු AI සමාගම්වල කොටස් මිල දැවැන්ත ලෙස කඩා වැටෙයි