අනුර කුමාර අනිද්දා ජපානයට...

Report

අනිද්දා (21) ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ජන හමුවක් සඳහා ජපානයේ සංචාරයක නිරත වීමට නියමිතව තිබෙනවා.

අල්කයිඩා නායක Amin ul Haq අත්අඩංගුවට...

අල්කයිඩා නායක Amin ul Haq අත්අඩංගුවට...

Tsukuba සහ Yatabe Citizen Hall හිදී පැවැත්වෙන එම ජන හමුවල දී අනුර කුමාර දිසානායක මහතා ජපානයේ සිටින ශ්‍රී ලාංකිකයින් හමු වීමට නියමිත ය.

අනතුරුව ලබන 22 වනදා ජපානයේ සිටින ව්‍යාපාරිකයින් සමඟ සාකච්ඡාවකටද ඔහු සහභාගී වීමට නියමිතව අතර, ඒ සඳහා ජපානයේ ව්‍යාපාර කරන ශ්‍රී ලාංකිකයන් මෙන්ම ජපන් ව්‍යාපාරික පිරිසකුත් එක්වීමට නියමිත බව වාර්තා වේ.

පේරාදෙණියට නව උපකුලපතිවරයෙක්...

පේරාදෙණියට නව උපකුලපතිවරයෙක්...

අනතුරුව, ජපානයේ ඉහළ පෙළේ රාජතාන්ත්‍රිකයින් ද හමුවීමට අනුර කුමාර දිසානායක මහතා සැලසුම් කර තිබෙනවා.