රාෂ්ට්‍රපති භවන්හීදී ජනපති අනුර ඉහලින් පිළිගත්තේ මෙහෙමයි. - (VIDEO)
Anura Dissanayake
Narendra Modi
India
AKD
By Wayomi
ඉන්දියාවේ තෙදින නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක පිළිගැනීමේ නිල උත්සවය ඉන්දීය ජනාධිපති නිල නිවස වන රාෂ්ට්‍රපති භවන්හීදී අද (16) පෙරවරුවේ පැවැත්වුණා.
ජනාධිපති අනුර කුමාර දිසානායක, අශ්වාරෝහකයන් පෙරටු කොට ගනිමින් රාෂ්ට්‍රපති භවන් වෙත කැඳවා ගෙන ඒමෙන් අනතුරුව ඉන්දීය ජනාධිපති ද්‍රෞපදී මුර්මු මහත්මිය සහ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් මහත් හරසරින් පිළිගනු ලැබුවා.

හොරට ගත්තු නාමල්ගේ නීතිඥකම අහොසි.?? - නාමල් නීති විභාගය ලියූ හැටි මරණීය තර්ජන මැද රටින් පැන්න නීති සිසුවා අගවිනිසුරුට ලියයි.(VIDEO /PHOTOS)
එහිදී පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව ආචාර වෙඩිමුර 21ක් පවත්වා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පිළිගනු ලැබිණි. අනතුරුව ජනාධිපතිවරයා විසින් ඉන්දීය හමුදා ආචාර පෙළපාලියේ හරසර පිළිගනු ලැබීය.
