කොවිඩ් ආසාදිත තවත් වෛද්‍යවරයෙක් මිය යයි - රට වසා දමන්නයි විරෝධතාවක්..(PHOTOS)

COVID19 RAGAMA MOHOMAD JANAN GALLE KARAPITIYA HOSPITAL
By Sewvandhi Aug 18, 2021 10:18 AM GMT
Sewvandhi

Sewvandhi

Report

රාගම රෝහලේ සේවය කළ වෛද්‍යවරයකු කොවිඩ් ආසාදිතව එම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (18) උදෑසන මියගොස් තිබෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ රාගම රෝහලේ ප්ලාස්ටික් ශල්‍ය ඒකකයේ සේවය කළ මොහොමඩ් ජනන් නමැති 34 හැවිරිදි වියේ පසුවූ වෛද්‍යවරයෙක්.

කොවිඩ් රෝගය වැළඳුණ මෙම වෛද්‍යවරයා රාගම රෝහලේ කොවිඩ් වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර රෝගය උත්සන්න වීම හේතුවෙන් දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර සති දෙකක පමණ කාලයක් එහි ප්‍රතිකාර ලබමින් සිට ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම මෙම වෛද්‍යවරයා කොවිඩ් එන්නත් මාත්‍රා දෙකම ලබා නොගත් අයෙක් බවටද වාර්තා වනවා.

මේ අතර,කොවිඩ් අවධානමෙන් ජනතාව බේරා ගැනීම සඳහා විද්‍යානුකූලව රට වසා දමන ලෙස බල කරමින් සෞඛ්‍ය කාර්යය මණ්ඩලවල සහභාගීත්වයෙන් අද නිහඬ විරෝධතාවයක් පැවැත්වුණා.

ඒ, ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේදියි.

එම අවස්ථාවේ ඡායාරූප කිහිපයක් පහතින්…


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now



GalleryGalleryGalleryGallery