covid සමගම එන මාරාන්තික රෝගයක්..දැඩි අවදානම් තත්ත්වයක්..?

covid19 vaccination neuro disease Gamini Pathirana Prasanna gunawardhana
By Sewvandhi Sep 22, 2021 01:15 PM GMT
Sewvandhi

Sewvandhi

Report

කොවිඩ් සුව වූ පිරිසෙන් 3% - 40% අතර ප්‍රමාණයකට ස්නායු රෝග ලක්ෂණ ඇ.තිවීමේ අවදානමක් පවතින බවට විශේෂ වෛද්‍යවරු අනතුරු අඟවති. ස්නායු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය, සභාපති විශේෂඥ වෛද්‍ය ගාමිණි පතිරණ මහතා සඳහන් කර සිටියේ, ස්නායු රෝග ලක්ෂණ බරපතළ ලෙස දැනෙන්නේ නම් වෛද්‍යවරයෙකු හමුවීම ඉතා වැදගත් බවය. මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු විශේෂඥ වෛද්‍ය ගාමිණි පතිරණ මහතා,

"සමාජය තුළ විශාල සංඛ්‍යාවක් ඉන්නවා කොවිඩ් හොඳ වෙලා. ඒ අයට මේ රෝග ලක්ෂණ ආවොත් දැනුවත් වීම සඳහායි කතා කරන්නේ. එහෙම නැතුව මේ රෝග ලක්ෂණ ගැන අහලා බිය විය යුතු නෑ. ඔබ දන්නා රෝගයක් තමයි බෙල්ස් ෆොල්සි කියන එක. මුහුණේ එක පැත්තක් පණනැති වෙනවා. මේක මේ දවස්වල වැඩියෙන් එනවා. මේක කොවිඩ් -19 නිසාද කියලා ප්‍රශ්නාර්ථයක්. අපි දැකලා තියෙනවා කොවිඩ් රෝගයෙන් පස්සේ අපස්මාරය පටන් ගන්නවා ඉතාම කලාතුරකින්. දැනට වාර්තා වන අන්දමට 3% - 40% දක්වා කොවිඩ් සුවවු අයගෙන් ස්නායු රෝග ලක්ෂණ පහළ වෙනවා කියලා වාර්තාවල සඳහන්."

එමෙන්ම, දරුවන්ට කොවිඩ් එන්නත් ලබාදෙන්නේ දැනට නිකුත් වී ඇති වෛද්‍ය විද්‍යාත්මක දත්ත පදනම් කරගෙන බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි. ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේ, දරුවන්ට එන්නත්කරණය සිදුකිරීම සියලුදෙනාගේ අවබෝධය මත සිදුකිරීමට නියමිත බවය.

ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා,

"දරුවන් ට එන්නතකරණය පිළිබඳ සම්පූර්ණයෙන් ම තීන්දුව ලබාදීලා තියෙන්නේ, ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය හා එන්නත්කරණ හා වසංගත රෝග අංශය නියෝජනය කරන විශේෂඥ වෛද්‍යවරු. මේ තීන්දුව දැනට ලබාදීලා තියෙන්නේ දැනට ඒ අය සතුව තිබෙන විද්‍යානුකූල දත්තයන්ට අනුකූලව. දරුවන්ට එන්නත්කරණය කිරීමේ දී නීතිමය ක්‍රියාමාර්ග ගන්නවාට වඩා දරුවන්ට එන්නත්කරණය කිරීමේ වැදගත්කම විශේෂඥ වෛද්‍යවරුන් විසින් දෙමාපියන්ටත් ඒ වගේම සමාජයටත් පැහැදිලි කර දීමෙන් පස්සේ හැමකෙනාගේ ම අවබෝධයෙන් යුක්තව තමයි මේ එන්නත්කරණය කරන්නේ. දීපු නිර්දේශයන්ට අනුව අවශ්‍ය කරන සියලුම එන්නත් අපි මේ වෙනකොට ලංකාවට ගෙනල්ලා සුදානම් කරලා තියෙනවා."

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now