මෙරටින් තවත් භයානක රෝගයක් මතු වෙයි..දෙදෙනෙකු මියයයි..අදාල නගරය මෙන්න.
රෝගයෙන් පුද්ගලයින් දෙදෙනෙකු මියගිහින්.
මී උණ රෝගය වැලඳීමෙන් ඉකුත් දෙදින තුළ පුද්ගලයන් දෙදෙනකු මියගොස් ඇති බව කරාපිටිය ශික්ෂණ රෝහලේදී පැවැති පශ්චාත් මරණ පරීක්ෂණවලදී අනාවරණය විය.
මෙසේ මියගොස් ඇත්තේ හික්කඩුව ප්‍රදේශයේ පදිංචිව සිටි 58 හැවිරිදි දෙදරු පියකු සහ බෙන්තර, ගෝනගලපුර ප්‍රදේශයේ පදිංචිව සිටි 48 හැවිරිදි තිදරු පියෙකි.
ඔවුන් දෙදෙනාටම කුඹුරුවල වැඩකිරීමෙන් අනතුරුව උණ වැලඳී තිබේ.
පසුව කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදි මියගොස් ඇත.
ඔවුන් දෙදෙනාගේ හදිසි මරණ පරීක්ෂණ කරාපිටිය ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරීක්ෂක මහේෂ් ධර්මරත්න සහ අතිරේක හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසේන ලොකුගේ විසින් සිදුකර තිබේ.
විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි රුවන් නානායක්කාර සහ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරි සමාධි දන්දෙණිය ආරච්චි විසින් පශ්චාත් මරණ පරීක්ෂණ සිදුකර ඇත.
මේ අතර මොනම විදිහකින්වත් මේච්චල් කරන්න බැරි අලුත් ප්‍රභේදයක් ඇමරිකාවෙන් මතු වේ
කොවිඩ් ප්‍රතිදේහවලින් පාලනය කිරීමට අපහසු නව කොවිඩ් වෛරස ප්‍රභේදයක් ගැන අමෙරිකාවේ අවධානය යොමුව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එම නව ප්‍රභේදය ආර් පොයින්ට් වන් (R.1) ලෙස හඳුන්වන අතර එය මුලින්ම ජපානයෙන් හඳුනාගෙන තිබේ.
අමෙරිකාවේ කෙන්ටකි ප්‍රාන්තයේ සාත්තු සේවා මධ්‍යස්ථානයකින් එම නව ප්‍රභේදය ආසාදිත පුද්ගලයින් 45දෙනෙකු හඳුනා ගෙන තිබේ.
ව්‍යාප්තවීමේ, ගුණනයවීමේ සහ ප්‍රතිශක්තීකරණය අභිබවායාමේ කැපීපෙනෙන විකෘතීන් මෙම නව ප්‍රභේදය සතුව පවතින බව විද්‍යාඥයින් සඳහන් කර තිබේ.
මේ හේතුවෙන් මෙම ආර් පොයින්ට් වන් ප්‍රභේදය ගැන වැඩි අවධානයක් යොමු කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |