තවත් බස් රථයක් පෙරළෙයි.
Sri Lanka
Accident
By Wayomi
ඊයේ (20) පස්වරුවේ තවත් බස් රථයක් තිරිංග අක්‍රීයවීම හේතුවෙන් අනතුරට පත්ව තිබෙනවා.
ඒ, මඩොල්කැලේ හරහා පන්විල දෙසට ධාවනය වෙමින් තිබූ පන්විල ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක සේවකයින් පිරිසක් රැගත් බස් රථයක් රියදුරුට පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන පෙරළීමෙන්.
එම අනතුරෙන් මගීන් 20 දෙනෙකු තුවාල ලබා ඇති අතර අනතුර සිදුවන විට 28 දෙනෙකු බස් රථයේ ගමන් කර ඇති බව සඳහන්.
එයින් කාන්තාවන් 16 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් සිව් දෙනෙකු තුවාල ලබා මඩොල්කැලේ ප්‍රාදේශිය රෝහලට ඇතුළත් කර තිබුණා.
ඉන් කාන්තාවන් 07 දෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා මහනුවර මහ රෝහල වෙත මාරුකර යවා ඇති බවයි වාර්තා වන්නේ.