තවත් omicron ආසාදිතයින් පිරිසක් මෙරටින් හඳුනාගැනේ

By Sewvandhi Dec 16, 2021 10:17 AM GMT
Sewvandhi

Sewvandhi

Report

මෙරටින් තවත් ඔමිකෝන් ආසාදිතයින් තුන්දෙනෙකු වාර්තාවී ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අනුක ජෛව විද්‍යා ඒකකයේ ආචාර්ය චන්දිම ජීවන්දර පවසනවා.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ආචර්ය වෛද්‍ය චන්දිම ජීවන්දර පවසන්නේ බලාපොරොත්තු වූ ලෙසින්ම මේ වන විට රට තුලින් ඔමික්‍රොන් ආසාදිතයින් වාර්තාවන බවයි.

එබැවින් වහාම බූස්ටර් එන්නත ලබාගත යුතු බවත් ඔහු එම ට්විටර් පණිවුඩය හරහා අවධාරණය කරනවා.

මීට පෙර මෙරටින් එක් ඔමික්‍රෝන් ආසාදිතයෙකු වාර්තාවූ අතර එම ආසාදිත කාන්තාව නයිජීරියාවේ සංචාරයකින් අනතුරුව මෙරටට පැමිණි බවයි සඳහන් වූයේ.

එමෙන්ම ඇය නිසි පරිදි නිරෝධායන ක්‍රියාවලියකට යොමු කර නොමැති බවටත් පළාතේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා ඒ සම්බන්ධයෙන් දැනුවත් කර නොතිබූ බවටත් චෝදනා එල්ලවුනා.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now