පළාත් කිහිපයක වාහන හිමියන්ට දැනුම්දීමක්

sri lanka Vehical
By Sithumi Jun 14, 2021 10:51 AM GMT
Sithumi

Sithumi

Report

ඌව පළාත තුළ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තවත් මාසයක කාලයක් සඳහා තාවකාලිකව අත්හිටුවා ඇති බව ඌව පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසම්මිල් මහතා පවසයි.

කෙසේවෙතත් අන්තර්ජාලය මගින් වාහන ආදායම් බලපත්‍ර ලබා ගැනීමේ පහසුකම් පෙර පරිදි තවදුරටත් ක්‍රියාත්මක වන බවත් ඔහු දැනුම්දෙයි. වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවා ඇති කාලය ජුනි 17 වනදා සිට ජුලි 16 වනදා දක්වා බලපැවැත්වේ.

ඒ අනුව අදාළ කාලය තුළ ඌව පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම් කාර්යාලය, ඌව පළාත් සියලු ප්‍රාදේශීය කාර්යාලවලින් වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම හෝ ඒ ආශ්‍රිත සේවා ක්‍රියාත්මක නොවන බව ඔහු පැවසීය. අදාළ කාලය තුළ දඩ අය කිරීම සිදු නොකරන බව ඔහු දන්වා සිටී.

මේ අතර මධ්‍යම පළාත තුළ ද ජුනි 14 සිට 30 වනදා දක්වා වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව නවතා දමා ඇති බව වාර්තා වේ. ඒ අනුව පසුගිය මැයි 17 වනදා සිට අදාළ කාලය තුළ දඩ අය කිරීමක් සිදු නොවේ. දකුණු පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය ද නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ කොරෝනා වෛරස් තත්ත්වය හේතුවෙන් ආදායම් බලපත්‍ර අංශ තාවකාලිකව වසා දමා ඇති බවය.

ඒ එළඹෙන 30 වනදා දක්වාය. ජුලි 31 දක්වා ආදායම් බලපත්‍ර සඳහා දඩ අය නොකෙරෙන අතර අන්තර්ජාලය මගින් ලබාගෙන ඇති තාවකාලික ආදායම් බලපත්‍ර කාලය 07.31 දක්වාත් දින 60ක් දක්වා දීර්ඝ කිරීමටත් පියවර ගෙන ඇත.