රට විවෘත කිරීම ගැන වෙළඳ ඇමති ගෙන් ප්‍රකාශයක්

Covid 19 tourism Bandula gunawardhana Vaccsine
By Sithumi Jul 25, 2021 12:12 PM GMT
Sithumi

Sithumi

Report

එළඹෙන සැප්තැම්බර් මාසය වනවිට මෙරට අවුරුදු 30ට වැඩි සියලු දෙනාට එන්නත් ලබාදී අවසන් කරන බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ එන්නත්කරණයෙන් පසු රට විවෘත කෙරෙන බවය. 

බුලත්සිංහල ප්‍රදේශයේ නව සතොස ශාඛාව විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා ඒ බව පැවසීය. 

"සැප්තැම්බර් මාසය වනවිට මේ රටේ අවුරුදු 30ට වැඩි සියලුම ජනතාව එන්නත්කරණය අවසන් කරපු රට බවට අපි පත්වෙනවා. එන්නත්කරණයෙන් පස්සේ මේ රට විවෘත වෙනවා. හෙට එච්චර කළුවර නෑ. ලබන සතියේදී පාසල් විවෘත කරන්න නියමිත නිසා නිෂ්පාදකයින් සමග සාකච්ඡා කර මුඛ ආවරණයේ මිල තවදුරටත් අඩු කිරීමටත් අපි බලාපොරොත්තු වෙනවා. දැන් රුපියල් 14කට තමයි මුඛ ආවරණයක් විකිණෙන්නේ."