රාජය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමනගෙන් විශේෂ නිවේදනයක්.!!

university Pfizer vaccination Channa Jayasumana Asela Gunawardhan
By Sewvandhi Oct 09, 2021 04:53 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ෆයිසර් එන්නත ශ්‍රී ලංකාවේ තුන්වන මාත්‍රාව ලෙස අවුරුදු 20ට වැඩි සියලු දෙනාටම ලබා දීමට තීරණය කර තිබෙනවා. රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළා.

ඒ සඳහා ෆයිසර් එන්නත් මාත්‍රා මිලියන 14.5ක් ඇණවුම් කිරීමට තීරණය කළ බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසයි.  

එමෙන්ම , සරසවි සිසුන් ට විශ්වවිද්‍යාල තුළම එන්නත්කරණයට ලක්කිරීමේ විශේෂ වැඩසටහනක් ලබන 11 වනදා සිට ආරම්භ කරන බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සහ සියලු උපකුලපතිවරුන් සමඟ සාකච්ඡා කර එම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බව ද වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා කියා සිටියේය. "තමන් කුමන විශ්වවිද්‍යාලයක සිටියත් දැන් තමන් පදිංචි පළාතේ තියෙන විශ්වවිද්‍යාලයට ගිහින් ඔවුන්ට මෙම එන්නත ලබාගන්න පුළුවන්.

ඔවුන්ට ලබාදෙන්නේ සයිනොෆාම් එන්නත බව මම පැහැදිලිව ම කියනවා. එතකොට තමන් මේ දක්වා එන්නතක් ලබාගෙන නොමැති නම් තමන් කුමන විශ්වවිද්‍යාලයක හිටියත් උදාහරණයක් වශයෙන්, කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුවෙක් දැනට විශ්වවිද්‍යාලය වහලා නිසා පදිංචිය යාපනයේ නම් යාපනය විශ්වවිද්‍යාලයේ එන්නත් මධ්‍යස්ථානයට ගිහින් ඔහුට එම එන්නත ලබාගත හැකියි."

මේ අතර ළමුන් සඳහා වු කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන අවසන් වු වහාම බුස්ටර් මාත්‍රාව සහ තෙවන එන්නත් මාත්‍රාව ලබාදීමේ කටයුතු ආරම්භ කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා වැඩිදුරටත් පැවසීය.

ඔහු ප්‍රකාශ කළේ දෙවන මාත්‍රාව ලබාගත් දිනයේ සිට මාස 06ක් සම්පුර්ණ කළ පිරිස් සදහා බුස්ටර් එන්නතත්, දෙවන මාත්‍රාව සම්පුර්ණ කළ දින සිට මසක් සම්පුර්ණ කරන ලද ප්‍රතිශක්තිය හීන වු පිරිස් සඳහා තෙවන මාත්‍රාවත් ලබාදීමට සැලසුම් කර ඇති බවය.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now