මෙරට පිරිසකට විශේෂ දැනුම් දීමක්

Covid 19
By Sithumi Oct 21, 2021 11:23 AM GMT
Sithumi

Sithumi

Report

තාවකාලිකව අත්හිටුවා තිබූ ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව එලඹෙන 25 වනදා සිට නැවත ආරම්භ කරන බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

එහි කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක සඳහන් කරන්නේ පවතින කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් එලෙස එක්දින සේවාව දිනයක් සහ වේලාවක් වෙන්කර ගන්නා ඉල්ලුම්කරුවන් සඳහා සේවා ලබාදෙන බවය. 

සීමිත සේවාලාභීන් පිරිසකට බත්තරමුල්ල පිහිටි ප්‍රධාන කාර්යාලයෙන් සහ ගාල්ල දකුණු පළාත් කාර්යාලයෙන් එක්දින සේවාව යටතේ එලෙස ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමට නියමිතය. 

 මේ වනවිට සාමාන්‍ය සේවා යටතේ ජාතික හැඳුනුම්පත් ලබාගැනීම සඳහා අංක වෙන්කර ගත් ඉල්ලුම්කරුවන් සඳහා ද නියමිත දිනයේදී දෙපාර්තමේන්තුව වෙත පැමිණ තම ජාතික හැඳුනුම්පත ලබා ගැනීමේ පහසුකම් පවතී. වැඩි විස්තර පහතින්,   


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now