“...කරුණාකර, මගේ ෆේස්බුක් එකෙන් ඉවත් වන්න. ඔබ මාව මුණගැසුණත් මට පෞද්ගලිකව කතා කරන්න එපා !” - ජනප්‍රිය නිලියකගෙන් දරුණු සටහනක් - Photos
වර්ෂ 1984දී ලංකාවේ රූ රැජන ලෙස අභිෂේක ලබන ඇන්ජලා, අනතුරුව විවාහක රූ රැජන ලෙසද කිරුළු පලඳිනවා. ඉන්පසු කලා ක්ෂේත්‍රයට පිවිසෙන ඇන්ජලා සම්මානනීය රංගන ශිල්පිනියක් ලෙස අසීමිත සහෘද රසික පර්ෂදයක ආදරය දිනාගන්නට සමත් වෙනවා.
ද්වී භාෂා පරිචයක් සහිත ඇය ඉංග්‍රීසි නාට්‍ය වේදිකාවේත් ඉංග්‍රීසි පුවත්පත් මාධ්‍යවේදිනියක ලෙසත් කැපී පෙනෙන භූමිකාවක් සලකුණු කළ අතීතයක් තිබුණා. මේ දිනවල නිර්පාක්ෂික අරගලය වෙනුවෙන් හඬ නඟන ඇය, නව අගමැතිවරයාගේ පත්වීමත් සමඟ මුහුණු පොතට අතිශය දරුණු සටහනක් එක් කර ඇති අතර, එය පහතින් බලන්න...
"දේශපාලනය පැත්තකින් තියලා රනිල්ට කියන, සමනලයා, - - - - යා, ගේ කුරුල්ලා වැනි නම් භාවිතා කරමින්, ආදරය කරන සුන්දරම මිනිසුන්ගේ මුළු ප්‍රජාවකටම අපහාස දැක්කම තරහයි. අපහාස කිරීමට ඔබ කිසිවකුට අයිතියක් ඇතැයි මම නොසිතමි.
කලාකරුවෙකු ලෙස අපට ඇත්තටම ඔවුන් නොමැතිව අපේ කාර්යය ක්රියාත්මක කරන්න නොහැකි. එබැවින් ඔබ අපහාස කිරීමට තෝරා ගන්නේ නම් කරුණාකර, මගේ ෆේස්බුක් එකෙන් ඉවත් වන්න.ඔබ මාව මුණගැසුණත් මට පෞද්ගලිකව කතා කරන්න එපා මම, ඇන්ජලා සෙනෙවිරත්න,LGBTQ ප්‍රජාව වෙනුවෙන් විවෘතව පෙනී සිටිමි..."
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |