ආණ්ඩුව අස්වැසුමටත් කෙලින්න හදන්නේ - වැඩ කරන නැතුව කන්නමයි බලන් ඉන්නේ

Report

අද වන විට රටේ ජනතාව වැඩ කිරීමට හැර කටයුතු කරනවාට වඩා කටවල් සැලවීමට පමණක් කැමැත්ත දැක්වූවන් බව බදුල්ල දිස්ත්‍රික් ලේකම් පණ්ඩුක ශ්‍රී ප්‍රභාත් අබේවර්ධන මහතා පවසයි.

විශේෂ නිවේදනයක් - ලබන 29 සිට පාසල් වැසේ

විශේෂ නිවේදනයක් - ලබන 29 සිට පාසල් වැසේ

රටක් දියුණු වීමට නම් මුලින්ම ‘කාලකණ්ණි සිතිවිලි’ වලින් මිදීම අත්‍යවශ්‍ය බවද, අපගේ ආදි ජනයා වැඩ කරමින් ජීවිතය ගෙවූවන් වුවද අද පරපුර ඉරට හඳට වැඩක් දෙන ආකාරය බලා සිටින බවද ඔහු උත්සවයකදී පැවසීය.

බදුල්ල දිස්ත්‍රික්කයේ පවුල් සංඛ්‍යාවෙන් 50% කට ආසන්න ප්‍රමාණයක් අස්වැසුම ප්‍රතිලාභ ලබන බවද, ඒ සඳහා තවත් පිරිස් ඉල්ලීම් ඉදිරිපත් කරන බවද, ඔවුන් ඉල්ලීම් ඉදිරිපත් කරන්නේ වැඩක් කිරීමකින් තොරව කෑමට බවද ඔහු ප්‍රකාශ කළා.

තවත් ප්‍රබල අමාත්‍යවරයෙක් අත්අඩංගුවට

තවත් ප්‍රබල අමාත්‍යවරයෙක් අත්අඩංගුවට

අස්වැසුම ලබාදෙන්නේ සතුටින් නොව ජීවිතය ගෙවීම අසීරු අය සඳහා බවත් නමුත් දැන් එය ආරක්ෂක ජාලයකට වඩා රැකවරණයකින් තොරව පසුබැසීමකට හේතුවක් වී ඇති බවත් ඔහු පෙන්වා දුන්නා.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ, ලෝක බැංකුවේ නියෝජිත කණ්ඩායමක් අස්වැසුම පිළිබඳ සමීක්ෂණයක් සඳහා බදුල්ල දිස්ත්‍රික්කයට පැමිණි අවස්ථාවේදී, අස්වැසුම ලබන පවුලක් වෙත ගොස් එය භාවිතා කරන ආකාරය විමසූ විට, එම පුද්ගලයා පැවසුවේ, “ඒකට අතවත් තියා නැහැ මහත්තයෝ” යන්න බවය.

එම පවුලට අවුරුද්දක් පුරා රුපියල් 15,000ක් ලැබුණු අතර ඒ මුදල තවත් භාවිතයට ගැනීමක් සිදු වී නොමැති බවද දිස්ත්‍රික් ලේකම්වරයා අවධාරණය කළේය.