අලුත් අවුරුද්දෙන් පස්සේ තෙල් මිල වැඩි කිරීමේ සූදානමක්? රජයට චෝදනා රැසක්

Report

එක්සත් වෘත්තීය සමිති පෙරමුණේ සම්බන්ධීකාරක ආනන්ද පාලිත මහතා ප්‍රකාශ කර ඇත්තේ අප්‍රේල් අලුත් අවුරුද්දෙන් පසු නැවතත් සැලකිය යුතු ලෙස ඉන්ධන මිල ඉහළ දැමීමට රජය සැලසුම් කර ඇති බවයි.

අද (2026.04.07) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය. පිරිපහදුව වසා දැමීමෙන් තෙල් හා ගෑස් සමාගම්වලට ජනතාව සූරාකෑමට රජය ඉඩ දී ඇති බව ඔහු තවදුරටත් පැවසීය.

ඉන්ධන මිලට සහනයක් දෙනවා - තෙල් තියෙන්නේ තව දවස් 55කට විතරයි - ජනපති පාර්ලිමේන්තුවේ පැහැදිලි කරයි

ඉන්ධන මිලට සහනයක් දෙනවා - තෙල් තියෙන්නේ තව දවස් 55කට විතරයි - ජනපති පාර්ලිමේන්තුවේ පැහැදිලි කරයි

ඔහු වැඩිදුරටත් පවසා සිටියේ, "පසුගිය රජයේ මිල සූත්‍රය විවේචනය කළ අය දැන් ඊටත් වඩා දරුණු වක්‍ර සූරාකෑමක නිරත වෙමින් සිටිති. ඉන්ධන ලීටරයකට රු. 165 ක පමණ බද්දක් අය කෙරේ. ලාෆ්ස් සහ ලිට්‍රෝ සමාගම්වලට සිලින්ඩරයකට රු. 1300 සිට 1700 දක්වා ලාභයක් ලබා ගැනීමට අවසර දී තිබේ. පැරණි තොග තබා ගනිමින් මිල තුන් ගුණයකින් වැඩි කර ඇත.දිනකට මෙට්‍රික් ටොන් 6,600 ක ධාරිතාවක් ඇති පිරිපහදුව වසා දමා IOC ඇතුළු විදේශීය සමාගම්වලට සියයට 20 ක ලාභයක් උපයා ගැනීමට ඉඩ දී ඇත" ලෙසයි.

ගෑස් ගැන බයවෙන්න එපා - අඛණ්ඩව ගෑස් සැපයීමට සූදානම් - මිල වෙනස් විය හැකියි

ගෑස් ගැන බයවෙන්න එපා - අඛණ්ඩව ගෑස් සැපයීමට සූදානම් - මිල වෙනස් විය හැකියි

ශ්‍රී ලංකා පොලිසියෙන් ජනතාවට විශේෂ නිවේදනයක් - වහාම 119 අමතා දැනුම්දෙන්න

ශ්‍රී ලංකා පොලිසියෙන් ජනතාවට විශේෂ නිවේදනයක් - වහාම 119 අමතා දැනුම්දෙන්න