නාඳුනන මළ සිරුරක් හමුවෙයි.
Police spokesman
Kalutara
Sri Lanka
Death
By Hashini
කළුතර මහා පල්ලිය ප්‍රදේශයේ මාර්ගයක් අසල තිබී නාඳුනන පිරිමි මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.
පොලිසියට ලද පණිවිඩයක් මත විමර්ශන කටයුතු ආරම්භ කර තිබෙනවා.
පොලීසිය පවසන්නේ එම මළ සිරුර උස අඩි 05යි අඟල් 06ක් පමණ වන සිහින් සිරුරකින් යුතු පිරිමි පුද්ගලයෙකුගේ බවයි.
පොලීසිය සඳහන් කරන්නේ ඔහු අත්දිග කමිසයක් සහ කොටු සහිත සරමක් හැඳ සිටි බවයි.
