කොළඹ වරායට අමෙරිකාවෙන් ලැබුණු ඩොලර් මිලියන 500 ට වැඩි ආයෝජනය.

Report

කොළඹ වරායෙහි ගැඹුරු ජල නැව් බහාලුම් පර්යන්තයක් සංවර්ධනය කිරීම සඳහා ඩොලර් මිලියන 553ක මුදලක් කැප කර ඇති බව එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධන මූල්‍ය සංස්ථාව (DFC) පවසනවා.

ඒ, අනුව Colombo West International Terminal Private Limited වෙත ඩොලර් මිලියන 553ක මුල්‍යකරණය ප්‍රකාශ කිරීමේ උත්සවය සඳහා DFC ප්‍රධාන විධායක නිලධාරී (CEO) ස්කොට් නේතන් මහතා ශ්‍රී ලංකාවට පැමිණියා.

මෙරට පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය සඳහන් කරන්නේ, උසස් තත්ත්වයේ යටිතල පහසුකම් සඳහා මූල්‍යකරණය ලබාදීමට DFC හි කැපවීම මෙම නව පර්යන්තය හරහා පිළිබිඹු කරන බවයි.

එමෙන්ම ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයට සහ ඉන්දියාව සමග ද ඇතුළුව, එහි කලාපීය ආර්ථික ඒකාබද්ධතාවයට එක්සත් ජනපදයේ තිරසාර කැපවීම බවද පෙනුම් කරන බවයි වැඩි දුරටත් පවසන්නේ.