ක්‍රිකට් ක්‍රීඩකයෙක් අවාසනාවන්ත ලෙස ජිවිතක්ෂයට - මරණ පරීක්ෂණයෙන් හෙළි වුණ දෙයත් එළියට..
Cricket
India
Death
Latest Headlines
By krishani
හෘදයාබාධයකට ලක්වීම හේතුවෙන් ක්‍රීඩකයෙක් මිය යාමේ පුවතක් පිළිබඳව ඉන්දියාවේ මාධ්‍ය ප්‍රදේශයෙන් තොරතුරු වාර්තා වේ.
ඒ ක්‍රිකට් තරගයක ක්‍රීඩා කරමින් සිටිය දී ය.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 22ක් වන තරුණයෙක් වන අතර ඇති වූ හදිසි අසනීප තත්ත්වය හේතුවෙන් ඔහු පන්දු යවමින් සිට පිටියෙන් ඉවතට ගොස් තිබෙනවා.
ඉන් පසුව ඔහු ගසක් යටට වී විවේක ගෙන ඇති අතර අනෙකුත් ක්‍රීඩකයින් විසින් ඔහුව රෝහල් ගත කර ඇත.
එලෙස රෝහලට ඇතුළත් කරන අවස්ථාව වන විටත් ඔහු මිය ගොස් සිට තිබෙනවා.
කෙසේ වෙතත්, පශ්චාත් මරණ පරීක්ෂණයේ දී අනාවරණය වී ඇත්තේ හෘදයාබාධයක් හේතුවෙන් මොහු මියගොස් ඇති බවයි.
