ඉන්දියානුවෙක් සඳෙන් ඉඩමක් අරන්.
India
Businessman
World
By Hashini
ඉන්දීය ජාතික ව්‍යාපාරිකයෙක් සඳෙන් ඉඩමක් මිලදී ගත් පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
ඔහු නමින් රූපෙෂ් මාසන්.
පදිංචිය ජම්මු කාශ්මීරයේ කියලා තමයි වාර්තා වන්නේ.
මාසන් වෘත්තියෙන් ව්‍යාපාරිකයෙකු වන අතර ඔහු සඳෙන් ඉඩම් කැබැල්ලක් මිලදී ගෙන ඇත්තේ ඉකුත් අගෝස්තු මස 25 වනදායි.
එනම් ඉන්දියාවේ චන්ද්‍රයාන් 3 ගවේෂණ යානය සාර්ථකව සඳෙහි දකුණු ධ්‍රැවයට ගොඩ බෑමෙන් දින දෙකකට පසුව බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.
අමෙරිකාවේ නිව්යෝර්ක් නගරයේ පිහිටි ඉන්ටර්නැෂනල් ලූනාර් ලෑන්ඩ් රෙජිස්ට්‍රි නමැති ආයතනයක් ඔස්සේ ඔහු මෙම මිලදී ගැනීම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.
එමෙන්ම ඉන්දීය මාධ්‍ය වාර්තා කරන අන්දමට අමෙරිකාවේ හිටපු ජනාධිපතිවරුන් තිදෙනෙකුට ද සඳෙහි ඉඩම් හිමියි.
