කොහේදී හෝ මෙය දුටුවහොත් වහාම ඇමතුමක් දෙන්න. - පොලීසිය මහජන සහාය ඉල්ලයි. - (PHOTOS)

Sri Lanka Police Kidnapping
By Wayomi May 01, 2024 05:27 AM GMT
Wayomi

Wayomi

Report

අප්‍රේල් 22 වන දා කුලියාපිටිය පොලිස් වසමේ වෙරළුගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 31ක පුද්ගලයෙකු පැහැරගැනීමේ සිදුවීමක් වාර්තා වෙනවා.

ඒ, අනුව මෙම අපරාධයට අවශ්‍ය කරන වෑන් රථයක් සහ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මහජන සහය පතනවා.

සැකකරුවන් මෙම ප්‍රදේශයෙන් පළා යාම සඳහා කුලී රථ ආයතනයකින් ලබා ගන්නා ලද බවට අනාවරණය වී ඇති අංක NW PK-0125 දරන සුසුකි එව්රි වර්ගයේ සිල්වර් පැහැති වෑන් රථය අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන සිදු කරන බවයි පොලිසිය පවසන්නේ.

මේ අනුව මෙම වෑන් රථය හා සැකකරුවන් සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් පහත දුරකතන අංක වෙත දැනුම් දෙන ලෙස පොලිසිය මහ ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

දුරකතන අංක:

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි / කුලියාපිටිය – 0718591260

ස්ථානාධිපති/ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය 0773528325  

..................................................................

May you Like



GalleryGalleryGallery