ත්‍රස්තවාදය සම්බන්ධයෙන් අසාමාන්‍ය ගැසට් පත්‍රයක් නිකුත් වේ.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගත් අය රඳවා තබා ගැනීමේ ස්ථානය ලෙස කොළඹ ත්‍රස්තවාදය වැළැක්වීමේ හා විමර්ශන අංශය ප්‍රකාශයට පත් කර තිබේ.
මෙම ප්‍රකාශය අසාමාන්‍ය ගැසට් පත්‍රයකින් ඉදිරිපත් කර ඇත.
රැඳවුම් කාලය අවසන් වන තුරු ත්‍රස්තවාදය වැළැක්වීමේ හා විමර්ශන අංශයේ පුද්ගලයන් රඳවා ගැනීමට තීරණය කර ඇත.
මේ අතර කල්පිටිය ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක ගමන්ගත් දෙදෙනෙකුගෙන් රුපියල් ලක්ෂයක කප්පම් ලබාගැනීමට උත්සාහ කළ ගුවන් හමුදා සෙබළුන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියේ, ජූනි 6 වන දින එය සිදුව ඇති බවය.
අදාළ සිදුවීම සම්බන්ධයෙන් කල්පිටිය පොලීසිය විසින් සිදුකළ විමර්ශනයකින් අනතුරුව ඊයේ දිනයේ දී අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට පත් සැකකරුවන් හඳුනාගැනීමේ පෙරට්ටුවක් සඳහා අධිකරණය හමුවට අද (08) ඉදිරිපත් කිරීමට නියමිතය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |