දුම්රියේ ගැටීමෙන් වැනසෙන අලි සම්පත බේරාගන්න AI තාක්ෂණය

By Gagana News Feb 24, 2025 06:29 PM GMT
Report

අලි ඇතුන් දුම්රියේ ගැටීම වැළැක්වීම සඳහා AI තාක්ෂණය සහ අනෙකුත් නව තාක්ෂණික උපාංග කඩිනමින් භාවිතයේ යෙදවීම සම්බන්ධයෙන් වූ සාකච්ඡාවක් අද (24) පරිසර අමාත්‍යංශයේදී පැවැත්විණි.

ඒ අනුව පේරාදෙණිය විශ්වවිද්‍යාලය ඇතුළු රජයේ විශ්වවිද්‍යාල කිහිපයක් විසින් හඳුනා ගත් නවීන තාක්ෂණික උපක්‍රම සහ උපාංග පිළිබඳව දැනුවත් කිරීමක් මෙහිදි සිදුවිය.

එමෙන්ම එම තාක්ෂණය කඩිනමින් ප්‍රායෝගිකව භාවිතයේ යෙදවීමට අදාළ ආයතන දැනුවත් කිරීමද මෙම සාකච්ඡාවේ අරමුණ වී තිබේ.

මෙම සාකච්ඡාව සඳහා පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා, පරිසර අමාත්‍යංශයේ ලේකම් රෝහිත උඩුවාවල මහතා සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, දුම්රිය දෙපාර්තමේන්තුව යන ආයතනයන්ගේ නිලධාරීන් මෙන් ම පරිසරවේදීන් නියෝජනය කරමින් රවින්ද්‍ර කාරියවසම් සහ සමන්ත ගුණසේකර යන මහත්වරුද සහභාගී වී සිටියහ.