බන්ධනාගාර නියාමකවරුන් දෙදෙනෙකුට ප්‍රහාරයක්..දේශපාලකයිනුත් ගෑවෙයි..
අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ නියාමකවරුන් දෙදෙනෙකු පහරදිමක් හේතුවෙන් රෝහල් ගත වි තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ, ඊයේ රාත්‍රි මෙම පුද්ගලයින් දෙදෙනා අගුණුකොළපැලැස්ස නගරයට පැමිණි අවස්ථාවේදි කිසියම් පිරිසක් පහර දී ඇති බවයි.
පහර කෑමෙන් තුවාල ලැබු බන්ධනාගාරයේ නියාමකවරුන් දෙදෙනා පසුව එහි නේවාසිකාගාරයට ගොස් ඇති අතර ඉන් අනතුරුව අද අලුයම ඔවුන් රෝහල් ගත වී තිබෙනවා.
තංගල්ල රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ, පහර දිමෙන් තුවාල ලැබු බන්ධනාගාර නියාමකවරුන් දෙදෙනො රෝහල්ගත කරන අවස්ථාවේදී බිමතින් සිට ඇති බවයි.
රෝහල්ගත කර සිටින බන්ධනාගාරයේ නියාමකවරුන් දෙදෙනාගෙන් පොලිසිය ප්‍රකාශ සටහන් කර ගන්නා අවස්ථාවේදී ඔවුන් සඳහන් කර ඇත්තේ, අගුණුකොළපැලැස්ස ප්‍රාදේශිය සභාවේ සභිකයෙකු ඇතුළු පිරිසක් තමන්ට පහර දුන් බවයි.
පෞද්ගලික ආරවුලක් මත මෙම පහර දීම සිදු කළ බවයි ඔවුන් සිය පැමිණිල්ලේ සටහන් කර ඇත්තේ.
ඒ අනුව, පහරදීම සිදු කර පුද්ගලයින් අත්අඩංගුවට ගැනිම සඳහා පොලිසිය පරික්ෂණ ආරම්භ කර තිබෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
