19 හැවිරිදි තරුණියකට මඟරැකසිටි අයෙක් කරපු සාහසික වැඩේ මෙන්න.(CCTV VIDEO)

Police spokesman Sri Lanka Police Accident
By Aruna Jun 28, 2023 04:21 AM GMT
Aruna

Aruna

Report

තරුණියකගේ හිසට තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදුකළ පුද්ගලයෙකු පිළියන්දල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඇරවුවල සමගි මාවත පැලැන්වත්ත ප්‍රදේශයේදී කිසියම් පුද්ගලයෙක් ඊයේ (27) තරුණියකට මන්නයකින් මෙලෙස පහර දී තිබුණා.

වයස අවුරුදු 19ක තරුණියක් මෙලෙස පහරකෑමට ලක්ව ඇති අතර ඇය රැකියාවට ගොස් නැවත නිවස වෙත පැමිණෙමින් සිටියදී සැකකරු මෙම පහරදීම සිදුකර තිබූ බවයි පොලීසිය පවසන්නේ.

සැකකරු වයස අවුරුදු 40ක පුද්ගලයෙකු වන අතර ඔහු තරුණියට පහරදෙන ආකාරය ඒ ආසන්නයේ තිබූ CCTV කැමරාවක සටහන්ව තිබුණා.

එම පුද්ගලයාගෙන් බේරී එම තරුණිය දිවයන අයුරු ද එම දර්ශනවල දක්නට ලැබෙන අතර, පහරදීම සිදුකළ පුද්ගලයා අධික ලෙස මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වී ඇති පුද්ගලයකු බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.

තුවාල ලැබු තරුණියගේ පියා සමග ඇති කරගත් ආරවුලක් හේතුවෙන් ඇයට මෙලෙස පහරදී ඇතැයි අනාවරණය කරගෙන ඇත.

ප්‍රහාරයෙන් තරුණියගේ හිසට තුවාල සිදුව ඇති අතර ඇය හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව කොළඹ ජාතික රෝහලට මාරු කර යවා ඇති බවයි වාර්තා වන්නේ.

තරුණියට පහරදුන් පුද්ගලයා පසුව දුරකථන සංඥා කුළුණකට නැගී සිටියදී ඊයේ (27) පස්වරුවේ පිළියන්දල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

වීඩියෝ දර්ශන දෙරණ නාලිකාවෙන්,