ජූඩෝ තරගාවලියට ජපන් යන්න සිටි සිසුවාට 20 කට වැඩි සිසුන් පිරිසක් පහරදීලා.
ජාත්‍යන්තර ජූඩෝ තරගාවලිය සඳහා පිටත්ව යෑමට සුදානමින් සිටි ගම්පොළ ජාතික පාසලක ශිෂ්‍යයෙකුට සිසුන් විසි දෙනෙකුට අධික පිරිසක් විසින් පහරදී තිබෙනවා.
එලෙස පහරකෑමට ලක් වී ඇත්තේ,10 ශ්‍රේණියේ සිසුවෙක් වන අතර ඔහු මේ වන විට ගම්පොළ ශික්ෂණ රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබන බව ඇත්ගාල පොලීසිය සඳහන් කළා.
මෙම පාසලේ 10 වසර පන්ති හතරක් පැවැත්වෙන අතර ඉන් A හා C පන්තිවල සිසුන් මෙම සිසුවාට පහර දී ඇති බවයි වාර්තා වන්නේ.
පාසල තුළදී මෙම සිසුන් පහරකෑමට ලක්වූ සිසුවාට තර්ජනය කර ''එළියේ දී බලා ගමු'' කියා පාසල නිමවී නිවසට යාමට ගම්පොළ බස් නැවතුම වෙත යමින් සිටි ඔහුට වෙනත් පාසලක් අසල දී මෙලෙස පහර දී ඇති බවයි අනාවරණය වී ඇත්තේ.
මේ පිළිබඳව විදුහල්පතිනියගෙන් විමසීමට උත්සාහ කළද ඇය පාසල් දුරකථනයට හෝ ඇගේ පෞද්ගලික දුරකථනයට ප්‍රතිචාර නොදක්වා ඇති බවයි වාර්තා වන්නේ.
මෙම සිසුවාට සිදුකළ පහරදීම පිළිබඳව පාසලේ ජූඩෝ භාර ගුරුවරයාගෙන් විමසූ අතර ඔහු කියා සිටියේ, අදාල සිසුවා මෙම මස 22 වැනි දින ජපානයේ පැවැත්වෙන ජාත්‍යන්තර ජූඩෝ තරගාවලිය සඳහා පිටත්ව යෑමට සුදානමින් සිටි බවත්, මෙය සුළු සිද්ධියක් බවත්ය.
එමෙන්ම රටේ වෙන දේවල් ප්‍රවෘත්තිවල නොදමා මෙවැනි සුළු සිද්ධියක් දැමීම ශාප ලැබිය යුතු වරදක් බව ඔහු ප්‍රකාශ කර ඇත.
කෙසේ වෙතත් පාසලේ දෙමාපියන් නම් පවසන්නේ, 10 වසර පන්ති අතර කාලයක් තිස්සේ ගැටුමක් පවතින බවත් පාසල් පරිපාලනය ඒ සඳහා නිසි ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවයි.
