අනියම් පෙම සොයා යමින් සිටියදී නෙත ගැටුණු තවත් තරුණියකටත් අතවර කරලා..
බිරිඳගේ ත්රීරෝද රථයෙන් අනියම් බිරිඳ හමුවීමට ගිය අතරමඟදී තරුණියකට ලිංගික අතවර කළ බව කියන යුද හමුදා සෙබලෙකු ලබන 12 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කැකිරාව වැඩබලන මහේස්ත්රාත් සෙනරත් බංඩාර ඊයේ (07) නියෝග කොට ඇත.
ගල්කිරියාගම පොලිසිය මඟින් සැකකාර සෙබලා අත්අඩංගුවට ගෙන අධීකරණයට ඉදිරිපත් කළ අතර සැකකරු විසින් තරුණියට ලිංගික අතවර කිරීමට යොදා ගත් බව කියන ත්රීරෝද රථයද පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු විවාහක දෙදරු පියෙකු වන බවත් ඔහු හමුදා සෙබලකු බවද පොලිසිය පවසයි.
සිය බිරිඳට අයත් බව කියන ත්රී රෝද රථයකින් ඔහුගේ අනියම් බිරිඳගේ නිවසට යමින් සිටින අතරමඟදී මෙම තරුණීය පැහැරගෙන ත්රීරෝද රථය තුලදී ලිංගික අතවර සිදුකර ඇති බවයි පොලිසිය වර්තා කලේ.
මෙම අපරාධය සම්බන්ධයෙන් පොලිසියට තොරතුරු ලැබී පැය 07ක් ඇතුළත සැකකාරු සමග ත්රී රෝද රථය අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වුණ අතර සැකකරුගේ පැහැර ගැනීමට ලක්වූ තරුණිය එම අවස්ථාවේ ධාවනය වූ ත්රී රෝද රථයෙන් ඉවතට පැනීම හේතුවෙන් බරපතළ තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇතැයි ද ඇයගේ තත්ත්වය බරපතල බවද පොලිසිය පැවසුවා.
සැකකාර යුද හමුදා සෙබලා මෙලෙස පැහැර ගෙන ඇත්තේ පලාගල බමුණුගම ප්රදේශයේ පදිංචි වයස අවුරුදු 23ක අවිවාහක තරුණියකි.
එම තරුණිය ප්රදේශයේ සමාජ සේවා කටයුතුවල යෙදෙමින් දහම්පාසැල් ගුරුවරියක ලෙස කටයුතු කරන අතර පලාගල බලලුවැව ප්රදේශයේ පිහිටි ව්යාපාරික ආයතනයක සේවයේ නියුතු එම තරුණිය දවසේ සේවය නිමවා නිවසට යමින් සිටියදී පලාගල බලලුවැව ප්රදේශයේදී මෙලෙස පැහැර ගැනීමට ලක්ව තිබෙන බවයි පැවසෙන්නේ.
සේවය නිම වී නිවසට යාම සඳහා බස් රථයක් පැමිණෙනතුරු බලලුවැව මංසන්දියේ සිට පා ගමනින් පලාගල දෙසට ගමන් කරමින් සිටියදී ත්රී රෝද රථයක් පදවාගෙන පැමිණි යුද හමුදා සෙබලා ඇයව උපක්රමශීලීව ත්රී රෝද රථයට නංවාගෙන තිබෙන බවයි පොලිසියට පවසා ඇත්තේ.
පසුව ත්රී රෝද රථය පදවන අතරතුර සැකකරු එම තරුණීය ලිංගික අතවරයට ලක් කර ඇති බව විමර්ශණවලදී හෙළීව ඇතැයි පොලිසිය පැවසීය .
සැකකරුගෙන් බේරීමට ත්රී රෝද රථයෙන් ඉවතට පනින අවස්ථාවේ බරපතළ තුවාල ලැබූ තරුණිය ප්රදේශවාසීන් විසින් රෝහල් ගතකර ඇතිඅතර තත්වය බරපතල හෙයින් අනුරාධපුර ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති බවයි පැවසෙන්නේ.
සැකකරු අනියම් බිරිඳගේ නිවසේ සැඟව සිටියදී අත් අඩංගුවට ගෙන ඇත.
ගල්කිරියාගම පොලිසිය විමර්ශන සිදුකරනවා.