25 හැවිරිදි සෙබළෙකුට අත්වූ අවාසනාවන්ත ඉරණම.

By Wayomi Feb 07, 2025 11:16 AM GMT
Report

ඉපලෝගම රණජයපුර ප්‍රෙද්ශයේදී සිදුවූ යතුරු පැදි අනතුරකින් අවුරුදු 25 ක තරුණයකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඉපලෝගම රණජයපුර මංසන්ධීයේ සිට රණජයපුර නිවාස සංකීර්ණය දෙසට ධාවනය කරමින් තීබු නවීන පන්නයේ යතුරු පැදියක් වේගය පාලනය කර ගැනිමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන මාර්ගය අසල වූ ගසක වැදිමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

එලෙස මියගොස් ඇත්තේ,පලෝගම රණජයපුර ප්‍රෙද්ශයේ පදිංචිව සිටි වයස අවුරුදු 25ක් වන හේරත් මුදියන්සේලාගේ චානුක දේශාන් හේරත් නමැති අවිවාහක තරුණයෙක්.

එම තරුණයා යුද හමුදා ලාන්ස් කෝප්‍රල්වරයකු ලෙස ගනේමුල්ල ප්‍රෙද්ශයේ කඳවුරකට අනියුක්තව රාජකාරියේ නියුතු තරුණයෙක් බවයි පොලිස් විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ.

ඔහු නිවාඩු ලබා නිවසට පැමිණ සිටින අතරතුරදී මෙම අනතුරට මුහුණ පා අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

 

සියලු රාජ්‍ය සේවකයන් සඳහා විශ්‍රාම වැටුප් ක්‍රමවේදයක්.? - ඒ අස්සේ ලංකාවේ වෛද්‍යවරු රට හැර යාමේ සූදානමක් ගැන අලුත්ම ආරංචිය මෙන්න.

සියලු රාජ්‍ය සේවකයන් සඳහා විශ්‍රාම වැටුප් ක්‍රමවේදයක්.? - ඒ අස්සේ ලංකාවේ වෛද්‍යවරු රට හැර යාමේ සූදානමක් ගැන අලුත්ම ආරංචිය මෙන්න.

ගුරු - විදුහල්පති වැටුප් විෂමතා වෙනුවෙන් විශේෂ තීරණයක්. - මාලිමා ආණ්ඩුව කළඹමින් 14 වෙනිදා කරන්න යන දේ මෙන්න.

ගුරු - විදුහල්පති වැටුප් විෂමතා වෙනුවෙන් විශේෂ තීරණයක්. - මාලිමා ආණ්ඩුව කළඹමින් 14 වෙනිදා කරන්න යන දේ මෙන්න.


You may like this video