ලොව පළමු වරට කොවිඩ් ප්‍රතිදේහ ශරීරය තුළ නිපදවන සතෙක් හදුනා ගැනේ...මෙන්න සුබ ආරංචියක්.

Corona World Lamar animals Beljiyam
By Aruna Aug 25, 2021 02:16 AM GMT
Aruna

Aruna

Report

ලාමා සත්වයන්ගේ සිරුරු තුළ කොවිඩ් ප්‍රතිදේහ ස්වභාවිකවම නිපදවෙන බව පර්යේෂණයකින් අනාවරණ වී තිඛෙනවා.

ඒ ඛෙල්ජියමේ රසායනාගාරයක සිදුකළ පරීක්ෂණයකදීයි.

කොවිඩ් වෛරසයේ විවිධ ප්‍රභේද සඳහා සාර්ථකව මුහුණදීමටද මෙම ප්‍රතිදේහ වලට හැකි බවයි මෙහිදී වැඩිදුරටත් අනාවරණ වී ඇත්තේ.

මේ අනුව කොවිඩ් මර්දන ක්‍රියාන්විතයේදී මෙම සොයාගැනීම සාර්ථක ඉදිරි පියවරක් බව විද්‍යාඥයන් පෙන්වා දෙනවා.

ලාමා සත්වයන්ගේ සිරුරු තුළ ගොඩනැගෙන ප්‍රතිදේහ ඉහළ ප්‍රතිශක්තීකරණයකින් සමන්විත වීම විශේෂත්වයක්.

මෙම පර්යේෂණයේ දත්ත යොදාගනිමින් කොවිඩ් මර්දන එන්නතක් නිපදවීම සම්බන්ධයෙන්ද විද්‍යාඥයන් සොයා බලමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now