මෙරට ලොක්කෙකු මාරු කරන්න ඇමරිකන් ගේමක්..කුමන්ත්‍රණය පිටුපස අදිසි හස්තයක්?
ආරක්‍ෂක අමාත්‍යාංශයට අනුයුක්ත රජයේ ආයතනයක ප‍්‍රධානියකු කොළඹ ඇමෙරිකානු තානාපති කාර්යාලයේ දැඩි බලපෑම මත මේ මස අවසානයේදී ධූරයෙන් ඉවත් කිරීමට දියත් වූ මෙහෙයුමක් ගැන හෙළි වී ඇත.
මෙම ජ්‍යෙෂ්ඨ ප‍්‍රධානියාගේ සේවය දීර්ග කිරීමට අදාළ ලිපිය ආරක්‍ෂක ලේකම් කමල් ගුණරත්න මහතා විසින් අත්සන් කර ඇතත් අදෘෂ්‍යමාන හස්තයක ක‍්‍රියාත්මක වීම හමුවේ එය ජනපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා වෙත යොමුවී නැත.
කොළඹ රාජ්‍ය නොවන සංවිධාන ජාලයේ 33 ක කල්ලියට විදේශවලින් ඩොලර් මිලියන 5 ක් වසරකට ලැබෙන බව ඉහත කී ජ්‍යෙෂ්ඨ ප‍්‍රධානියා සොයාගෙන තිබුණි.
එසේම හිටපු ඇමරිකානු හමුදා නිලධාරි ට‍්‍රැවිස් ගාඞ්නර්ගේ වීසා බලපත‍්‍රය එකඟ නොවීම සහ උතුරේ ද්‍රවිඩයකු සමඟ ගාඞ්නර් මෙහෙය වන අබිරහස් ව්‍යාපෘති ගැනද රහස් තොරතුරු මෙම ජ්‍යෙෂ්ඨ ප‍්‍රධානියා සොයාගෙන රජයේ බලධාරීන්ට වාර්තා කර තිබුණි.
කීර්ති වර්ණකුලසූරිය – divaina
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |